Friday, May 03, 2024
Follow Us
අතුරුදන්වූ නේපාල ගුවන් යානය කඩා වැටී ඇතැයි තහවුරු වේ

පුද්ගලයින් 22 දෙදෙනෙකු සමග පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ නේපාල ගුවන් යානය කඩාවැටී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කළා. එම ගුවන් යානය නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් වූ අතර අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 19 දෙනෙකු හා කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සිට තිබෙනවා.

මගීන් පිරිස අතරට ඉන්දියානුවන් සිව්දෙනෙකු ද, ජර්මානු ජාතිකයින් දෙදෙනෙකු හා නේපාල ජාතිකයින් 13 දෙනෙකු ද අයත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඉන්දියානුවන් සිව්දෙනා එකම පවුලේ සාමාජිකයින් බවයි පැවසෙන්නේ.

නේපාලයේ පොකාරා නුවර ගුවන් තොටුපළකින් පියාසැරිය ඇරඹි එම ගුවන් යානය මිනිත්තු 15 ක පමණ කාලයකදී අතුරුදන් වී තිබුණා. අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වුණේ නේපාලයේ ගම්බද ප්‍රදේශයක ගංගාවක් අසලට කඩා වැටී ඇති බවයි.

යානය එලෙස අනතුරට පත්වීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. අනතුර සම්බන්ධයෙන් නේපාල බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Neth