Friday, May 17, 2024
Follow Us
ප්‍රංශයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ ලැබෙයි

ප්‍රංශ තානාපතිවරයාගෙන් සුව ඇමතිට පොරෙන්දුවක්


ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලෙවාටු හා සෞඛ්‍ය හා ජල ජලසම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය යුරෝ ලක්ෂ තුනක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම සිදු වී ඇත.

ප්‍රංශ රජය හා එම ජනතාවගේ පරිත්‍යාගයක් ලෙසින් අදාළ ඖෂධ තොගය පරිත්‍යාග කිරීම ප්‍රංශ තානාපතිවරයා අතින් සිදුවිය.

ස්වසන රෝග හා නිර්වින්දන ඖෂධ තොගයක් මෙහිදී පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවැනි සහයෝගයක් ලබාදීමට හැකිවීම ගැන සතුටු වන අතර ඉදිරියටත් මෙවැනි පරිත්‍යාග මෙන්ම සහන සේවා කටයුතු සඳහා සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවද තානාපතිවරයා තවදුරත් සදහන් කර ඇත.

Aruna