වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා.
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසාදමා තිබෙනවා. ඇෆ්ගන් පාලනය තලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්වය හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.
විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් සෘජුව මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය හිමිව තිබෙනවා. මෙතෙක් සිදුවූයේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීමයි. කෙසේවෙතත් වර්තමාන විදුලි අර්බුදය හටගත් අවස්ථාවේ සිට විදුලිබල අමාත්‍යංශය හා බලශක්ති අමාත්‍යංශය අතර නිරන්තර කඹ ඇදීමක් සිදුවුණා.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයද මේ වන විට එරට විවිධ පාර්ශව සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය 2022 ජනවාරි 27 වැනි දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ය.
LONDON (AFP): The UK government is set to drop compulsory coronavirus tests for those arriving in England, Prime Minister Boris Johnson said Monday, as he continues to lift curbs amid declining infections.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ජාත්‍යන්තර ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය (CPI) අද දින එළි දක්වන ලදි. ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 180ක රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් CPI අගයන් ගණනය කිරීම සිදු කරයි. ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළුව බාහිර මූලාශ්‍ර 13කින් ලබා ගත් දත්ත අනුසාරයෙන් CPI ගණනය කිරීම් සිදු කරනු ලැබේ. මීට අමතරව විශේෂඥ අදහස් සහ ව්‍යාපාර ප්‍රජාවගෙන් ලබාගත් සමීක්ෂණ දත්ත ද මෙම ගණනය කිරීම්වලට යොදා ගෙන ඇත. දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින් දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරයි.
2022 ජනවාරි මස 17වන දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති ආකර්ෂණීය උත්සවයකදී ශ්‍රී ලංකාවේ මැණික් වර්ග ගණනාවක් ප්‍රදර්ශනය කෙරිණි. ‘LARWINER – Gem Art Jewellery’ ආයතනය අනුග්‍රාහකත්වය දැරූ මෙම උත්සවයේ දී ශ්‍රී ලංකාවේ ඉස්තරම් ගණයේ නිල් මැණික් සහ තවත් වර්ණවත් මැණික් වර්ග ගණනාවක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි. ප්‍රභූ මට්ටමේ ගනුදෙනුකරුවන් බොහොමයක් ඇතුළුව අමුත්තන් සිය දෙනෙක් පමණ මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වූහ.
රුසියාවට එරෙහිව අමෙරිකාව සහ නේටෝ සංවිධානයට අයත් රටවල් ඕනෑම සන්නද්ධ අරගලයකට මේ වන විට සූදානමින් පසුවනවා.
විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ 5 වන ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටු හමුව 2022 ජනවාරි 20 වන දින පැවති අතර එහිදී අපජල කළමනාකරණ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තිරසාර කෘෂිකර්මය, අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව, රොබෝ තාක්ෂණය, විශාල දත්ත විශ්ලේෂණය, කෘත්‍රිම බුද්ධිය මෙන්ම කාර්මික සහයෝගීතාවය වැනි ක්ෂේත්‍රයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් දෙරට අතර පවතින විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ සහයෝගීතාවය තවත් වසර තුනකට දීර්ඝ කරන ලදී.
ඊසාන දිග සිරියාවේ කුර්දිවරුන්ට අයත් බන්ධනාගාරයකට කඩා වැද ජිහාඩ්වාදී රැඳවියන් පිරිසක් ඉවත්කරවා ගැනීමට වෙර දැරූ ඉස්ලාමීය අයිඑස් සටන්කාමීන් පිරිසක් නිසා එරට නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ.
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අද ආරම්භ වනවා. මෙම වටය කොටස් දෙකකින් සමන්විත වන අතර “පලිහ කුසලාන” අර්ධ අවසන් පූර්ව වටය හා සුපර් ලීග් වටයේ අර්ධ අවසන් පූර්ව වටය ලෙස එය ක්‍රියාත්මකයි.
KORTRIJK (AFP): Beaming and waving her arms in the air, teenage pilot Zara Rutherford was euphoric Thursday after completing a solo, round-the-world flying odyssey with the dream of getting into the record books.
Page 158 of 364