Saturday, July 12, 2025
Follow Us
අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය 2022 ජනවාරි 27 වැනි දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ය.

එතුමියගේ දේහය සිය ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාර ගැනීමට නියමිත ය. විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරයි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

 

2022 ජනවාරි 25 වැනි දින