Thursday, April 25, 2024
Follow Us
රුසියාවට එරෙහිව අමෙරිකාව ඇතුලු රටවල් අවි අමෝරයි

රුසියාවට එරෙහිව අමෙරිකාව සහ නේටෝ සංවිධානයට අයත් රටවල් ඕනෑම සන්නද්ධ අරගලයකට මේ වන විට සූදානමින් පසුවනවා.

ඒ, රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයක් යුක්‍රේන දේශසීමා ආසන්නයට කැඳවීමට තීරණය කර ඇති පසුබිමකයි.

අමෙරිකාව පවසන්නේ ඉතා කෙටි දැනුම්දීමකින් වහාම ක්‍රියාත්මක වන පරිදි කැඳවීම සඳහා හමුදා බටයින් 8,500 ක් සීරුවෙන් තබා ඇති බවයි.

නේටෝ සංවිධානයට සම්බන්ධ ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ නෙදර්ලන්තය මේ වන විටත් තීරණය කර ඇත්තේ කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා ප්‍රහාරක ජෙට් යානා සහ යුධ නෞකා යොමු කරවීමටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විටත් අමෙරිකාවට අයත් පතොරම් ඇතුලු යුධ උපකරණ ටොන් 90 ක් යුක්‍රේනයට රැගෙනවිත් ඇති බවයි.

හමුදා සාමාජිකයින් ලක්ෂයක් යුක්‍රේන දේශසීමා ආසන්නයට කැඳවා ඇතත් යුක්‍රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම රුසියාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අමෙරිකානු බුද්ධි අංශ ද පවසා ඇත්තේ යුක්‍රේනය ආක්‍රමනය කිරීමට රුසියාව තීරණය කර ඇති බවට තොරතුරු නොමැති බවයි.

කෙසේවෙතත් අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය දැන් තීරණය කර ඇත්තේ යුක්‍රේනයේ සිටින රාජතාන්ත්‍රික පවුල්වල සාමාජිකයින් පවා එරටින් ඉවත් කර ගැනීමටයි.

(Neth)