Tuesday, April 23, 2024
Follow Us
ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඔස්ට්‍රේලියා යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 20දෙනා මෙන්න


ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 05 කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ඊට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත් වන බවයි.

කණ්ඩායමේ උප නායකත්වය චරිත් අසලංකට හිමිව ඇත.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේද අනුමැතිය ලැබී තිබේ.
ලබන 11 වනදා සිට ආරම්භ වන මෙම තරගාවලිය සිඩ්නි – කැන්බරා සහ මෙල්බන් නගරවලදීයි පැවැත්වීමට නියමිතයි.

slc 2

(Aruna)