Wednesday, January 14, 2026
Follow Us
තානාපති කාර්යාලය වසා දමා ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකා තානාපති ගෙදර එයි!

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසාදමා තිබෙනවා. ඇෆ්ගන් පාලනය තලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්වය හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

තානාපති කාර්යාලයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමට සුදුසු වාතාවරණයක් එහි නොමැති බවට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

තලේබාන් සංවිධානය විසින් එරට පාලන බලය හිමිකර ගනිමින් කාබුල් අගනුවර අත්පත් කර ගැනීමත් සමග එරට සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා පෞද්ගලික නිවාඩු ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණියේය.

(LNW)