Wednesday, January 14, 2026
Follow Us
ලංකාවේ 36ක් අයි. පී.එල්. වෙන්දේසියේ

ඉන්දීය ක්‍රීඩකයන් 896ක් වෙන්දේසියට


මෙම වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන පෙබරවාරි 12 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම ක්‍රීඩක වෙන්දේසිය සඳහා මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 36 දෙනකු ලියාපදිංචි වී ඇතැයි වාර්තා වන අතර මෙම වෙන්දේසිය සඳහා ඉන්දීය ක්‍රීඩකයන් 896 දෙනකු ලියාපදිංචි වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් වනිඳු හසරංග ක්‍රීඩක වෙන්දේසියේ ඉහළ ශ්‍රේණියක් වන ඉන්දීය රුපියල් කෝටියේ ශ්‍රේණියට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

ඉකුත් වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු තරග වැදුණු අතර ඒ දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග වේ.

(Aruna)