Wednesday, January 14, 2026
Follow Us
තෙල් මිල තවත් වැඩිවෙයි

වසර 7කින් බොරතෙල් මිල ඉහළම අගයට


නැගෙනහිර යුරෝපයේ සහ මැදපෙරදිග භූ දේශපාලනික උණුසුම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබේ.

සැපයුම අඩාල වීමේ අවදානම නිසා බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86යි ශත 75ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 83යි ශත 65 දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය සතියේදී ලෝක වෙළදපොළේ බොරතෙල් මිල වසර 7කින් ඉහළම අගයට පත්විය.ඒ ගෝලීය සැපයුම සීමා වීම සහ ඉල්ලුම ඉහළ යාම හේතුවෙනි.

(Aruna)