Friday, July 04, 2025
Follow Us
IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්


ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා උදව් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැවතත් පවසයි.

ස්ථිරසාර ක්‍රමවේදයන්ගෙන් සමන්විත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් කටයුතු කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

එම නියෝජිතයින් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමකට අනුවයි.

මෙරටට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරට ආර්ථිකය ගොඩනැංවීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

Aruna