මහන මැෂිමක් කියන්නේ මුදල් මවන යන්තරයක් බව මේ ලිපි පෙළ ආරම්භයේදීම කතා කළා මතක ඇති. එරංග රණසිංහයන් කළ ඒ දැනුවත් කිරීම මොන තරම් සත්‍යයක් ද කියලා ප්‍රත්‍යක්ෂ වුණා පසුගිය සති අන්තයේ දී. පුතාට පාසල් නිල ඇඳුම් දෙකක් මසා ගැනීමට ටවුන් එකේ ටේලර් ෂොප් හතරකට ගියා.
වැඩිවන වියදමට සාපේක්ෂව ආදායම එක තැන නතර වෙලා. අමතර මුදලක් සොයා ගැනීම කළ යුතුම දෙයක් බව හැමෝටම දැනිලා තියෙන්නේ. ‘ලද දෙයින් සතුටු වෙලා තියෙන විදිහට කාලා බීලා ඉම්මු‘ කියන කතාව තවදුරටත් වලංගු නැහැ.
අඳින ඇඳුමට ගැළපෙන්න ලස්සන මාලයක්, වළල්ලක් පලඳින්න ඔබත් කැමැතියි. එහෙත් මේ ආභරණ මිල දී ගන්න විශාල මුදලක් යනවා. අඩුම මුදලකින් ඔබේම අතින් ඔබ අඳින ඇඳුමට ගැළපෙන්න මාල, වළලු ඔබ කැමැති විලාසිතාවකට නිර්මාණය කරගන්නට හැකි නම් වටිනාකමත් ඉහළයි. ඔබට ස්වයං රැකියාවකුත් ආරම්භ කරන්න පුළුවන්.
නෙත් සිත් පිනවන හැඩකාර ඇන්තූරියම් ගෙමිදුලට සිරියාවකි. මෙය සාර්ථක වගාවක් ලෙස කිරීමට ද කදිම ස්වයං රැකියාවකි. එහෙත් ව්‍යාපාරික වශයෙන් ඇන්තූරියම් වගාවට පිවිසීමට අදහස් කරන්නේ නම් ඔබ සතුව ගුණාංග කිහිපයක් පැවතිය යුතුයි. අද අපි එම ගුණාංග හඳුනාගනිමු.
උරහිස් රහිතව නවතම විලාසිතාවකට මැසූ ගවුමකි. දෝණිගෙ උපන් දිනයට වගේම උත්සව අවස්ථාවකටත් මේ ගවුම හැඩකාර පෙනුමක් ගෙන දෙනවා. ගවුමේ සාය සඳහා ෆ්ලෙයාඩ් සාය යොදාගෙන ඇත. රෙදි තෝරාගැනීමේ දී ඝනකම් මුද්‍රිත රෙදි වර්ගයක් තෝරා ගන්න.
ආදරණීය යුවතිපතීන්ගේ මල් මංගල්ලය කලඑළි කරවන අංගෝපාංග බොහෝමයි. එබැවින් මංගල දිනයට ආරාධනා කරන අැරැයුම් පතේ සිට මේ මංගල උත්සවය සුන්දර කරවන පෝරුව, සෙට් බැක්, පොල්තෙල් පහන, කේක් ආකෘතිය ආදිය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.
රම්පෙ, කරපිංචා දෙක යුගළ පද වගේ එකටමයි කියැවෙන්නෙ. ඒවගේ තවත් රසකාරක දෙකක් තමයි ‘කහ - ඉඟුරු‘. කෑම රස කරන්නට මේවා නැතුවම බැහැ. වර්ණය සහ විසබීජ නාශක ගුණය කහ වල විශේෂයි.
ලතින් අමෙරිකාව නිජබිම කරගෙන ඉපදී මල් ලෝකය විසිතුරු කළ ඇනතූරියම් අද අපේ රටේ වෙළෙඳපොළ ජයගත් ප්‍රධානතම මල් වර්ගයකි. එදා ලාංකේය කාන්තාවන් අතර ජනප්‍රිය වූ ඇන්තූරියම් වගාව අද වන විට පිරිමි පාර්ශවය අතර ද බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. ඒ නිසා මේ දෙපිරිසම ව්‍යාපාරික ඇන්තූරියම් වගාවේ නියැළෙන ආකාරයක් දැකගත හැකියි. අපේ මේ දැනුවත් කිරීම ඔබ සාර්ථක වගාකරුවකු කරනු පිණිසයි.
ආදරෙන් බැඳුණු දෙසිතක් කුලගෙයට පියමනින දා අපූරුතම මල් මංගල්ලයකි. තුරුණු වියේ පසුවන සෑම තරුණ, තරුණියකගේ ජීවිතයේ සුවිශේෂීතම දිනයයි මේ. එබැවින් මේ මංගල දිනය වෙනුවෙන් ලකලෑස්ති වන්නේ ද කල්තියාමයි.
මඳ සුළගට නැළවෙමින් පිපී හිනැහෙනා සුන්දර ෆැලනොප්සිස් කොමළියන් අසුන්දර කරන්නට විවිධාකාරයේ පළිබෝධකයින් සමත් වේ. එමෙන්ම නොයෙක් රෝග තත්ත්ව නිසාද මේ මල් කුමාරියන්ගේ වර්ධනය බාල වී මල් අස්වැන්න අඩු විය හැකියි. එබැවින් මේ සොඳුරු ෆැලනොප්සිස් කුමාරියන් රෝගී කරවන පළිබෝධකයන් සහ රෝග පිළිබඳ අද අපි සොයා බලමු.
තමන්ගෙම සිහින නිවහනක හිමිකාරත්වය හැමෝගෙම අවිහිංසක බලාපොරොත්තුවක්. අපි කතාවට වගේ කියන්නේ වැටිලා ඉන්න තැනක් හදාගන්න ඕන කියලා. ඉතිං මේ සිහින නිවහනේ ගත කරන සුවපහසු ජීවිතයේ දී වටිනාම අංගය වෙන්නේ නිදන ඇඳ.
සිඟිති ඇතිරිලි, ඇඳුම්, බෑග්, පොරෝනා, කොට්ට උර ආදිය හැඩ කරන්නට මේ සුරතල් හා පැංචන් මෙලෙස තිළිණ කරන්නෙමු.
දූපුතුන් මවකට උතුම් සම්පතකි. මේ නිසාම ඈ තම දරුවන්ගේ සතුට වෙනුවෙන් වෙහෙසෙයි. දරුවන් සතුටින් තබන්නට, ඔවුන්ගේ නිදන කාමර අලංකාර කරන්නට අගනා බිත්ති සැරසිල්ලකි මේ. දිගු කන් දෙක ඔසවාගෙන අවට ගැන විමසිල්ලෙන් හඳපානේ ඇවිදින හා පැංචෙකි. කළු පැහැති රෙදි කොටසක මැසීමෙන් මෙහි අලංකාරය වැඩිවී ඇති අයුරු බලන්න. ‘ෆොන්ඩ්ල් බනී' ලෙසින් නම් කර තිබූ මෙය ඔබත් මෙලෙස මසාගන්න. මේ නිර්මාණයට අදාළ දළ සටහනේ කොටස් හතර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
අප පසුගිය ලිපියේදී ඔබ සමඟ සාකච්ඡා කළේ නිවෙසක වැරැන්ඩාවක පිහිටීමයි. එහිදී වැරැන්ඩාවක් නිවෙසකට ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි අප ඔබට විස්තර කළේ පැරැණි නිවෙසක වූ අගුව නැතිනම් ‘පිළ‘ ගැන ද විස්තර කරමිනි.
හිරු දැක සිනාසෙන, හිරුට ආදරණීය සූරියකාන්ත මල් නෙත පිනවන සොබාදහමේ අපූර්ව නිර්මාණයකි. කහ පැහැයෙන් පිපී හිනැහෙන මේ මල් කුමරියන් රැසක් කඩදාසි කොළවලින් සකසා ඒවා එක්තැන්කර සැකසූ නිර්මාණයකි මෙය.
Page 13 of 25