අද පෙබරවාරි 14 වැනිදා. ආදරයට සැබෑ අරුතක් ගෙනදෙන ආදරණීයයන්ගේ දවස. මේ දවසේ ඔබේ ආදරය කියන්නට ආදරේ පිරුණු පැතුම් පතක් මෙලෙස හදමු. මෙය නිර්මාණය කර තිබෙන්නේ පේපර් කුවිලිං කලාවෙනි.
මට ලංකාවේ තියෙන ලොකුම සරුංගල් සැණකෙළියේ අයිස් ක්‍රීම් විකුණන්න ආරාධනාවක් ලැබුණා. මම සෑහෙන මුදලක් වියදම් කරලා ඒකට ලැහැස්ති වුණෙත් විශාල බලාපොරොත්තුවකින්. දවස් දෙකකට පස්සේ මට උත්සවය සංවිධානය කරන මහත්මයෙක් කතා කරනවා. එයා කියනවා ප්‍රියන්ති අක්කේ අපට සමාවෙන්න... ඔයාට මේ සැණකෙළියට අයිස් ක්‍රීම් විකුණන්න දෙන්න පුළුවන් වෙන්නේ ලක්ෂ පනහක ඩිපොසිට් එකක් තිබ්බොත් විතරයි කියලා.
මලක් වගේ ඉන්න දෝණි සමනලියක් තරම් අහිංසකයි. සමනල පියාපත් වගේ ලස්සන ගවුම් අඳින්න කැමැති සිඟිත්තිය වෙනුවෙන් මේ ලස්සන ගවුමත් මසා දෙන්න. ගැළපෙන වර්ණ දෙකක රෙදි භාවිතකර ඇති නිසා එය බෙහෙවින්ම අලංකාරයි.
ගෙවත්තක් සැලසුම් කිරීමේ දී බොහොමයක් දෙනෙක් වරද්දා ගන්නා තැනක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ වැඩේ මහා ව්‍යාපෘතියක් කරගෙන, වැඩ පටන් ගන්න වෙනම දින එහෙමත් සැලසුම් කරනවා. ගෙදර සාමාජිකයො හැමෝමත් සම්බන්ධ කරගෙන වත්ත අනිත් පැත්ත පෙරළන්න සූදානම් වෙනවා.
උදෑසනින් අවදි වෙලා මිහිරි හඬළෑමකින් වෙලාව කියන කුකුළුහාමි පැරැන්නන් අවදි කළ ඔරලෝසුවයි. නෙක පැහැයෙන් පියාපත් ඇති කුකුළුහාමිලාට පොඩිත්තන් දක්වන්නේ නොමඳ ආදරයකි. මේ නිසාම පොඩිත්තාගේ නිදන කාමරය හැඩකරන බිත්ති සැරසිල්ලට එමඟින් අගනා දසුනක් ගෙන දෙන්න ඔබට පුළුවන්. මල් ගොමුවක් අසලට වී ඈත මෑත බලමින් විමසිලිමත් වන මේ කුකුළුහාමි කතිර මැස්මෙන් මෙලෙස හැඩකර ගන්න.
නිවෙසක දියුණුව තියෙන්නෙ ගෘහණිය අතේ. ඒ සඳහා අංක 01 ගෘහණියගේ අරපිරිමැස්ම කියලා කිව්වොත් නිවැරැදියි.
හිම මත ලිස්සා යමින් සෙල්ලම් කරන පෙන්ගුවින් කුරුල්ලන්ට පොඩිත්තන් බොහොම කැමැතියි. සැහැල්ලු සෙල්ලම් බඩු අතර ඉහළින්ම හිඳින පෙන්ගුවින් පොඩිත්තෙක් වෙළෙඳපොළෙහි ඉහළ මිලක් වෙනවා. ඒත් ඔබ අත්කමට දක්ෂ කාන්තාවක් නම් ඔබේම අතින් මේ පෙන්ගුවින් යාළුවා සකසා ඔබේ දූදරුවන්ට තිළිණ කළ හැකියි. ඉතුරු බිතුරු රෙදි කැබලි භාවිතයෙන් පෙන්ගුවින් සකසන ආකාරය බලමු.
දේශීය වශයෙන් නිෂ්පාදනය වූ අත්යන්ත්‍ර රෙදිපිළි සඳහා කපුවගා කර ඇති බවට ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිවේ. කුවේණියට සම්බන්ධ පුවත ප්‍රබන්ධයක් නොවන බව තහවුරු වන්නේ පුරාණ තම්මැන්නාව අයත් වර්තමාන විල්පත්තුව ආශ්‍රිතව වනගතව පවතින කපු වගාවක් පවතින බැවිනි.
හෙළ සළු පිළි වතගොත පුරාණය සොයා අතීතයට යන චාරිකාවේ දී හෙළිවන තොරතුරු අතිශයින් විචිත්‍රය. ප්‍රබන්ධයක් වුවද, සත්‍යයක් වුවද රාමායණයේ දැක්වෙන්නේ රාවණා නිරිඳුන් රතු පැහැති වස්ත්‍රයෙන් සැරසී සිටි බවය. එම යුගයට ම අයත් හෙළයේ නාග ගෝත්‍රිකයෝ විවිධ වර්ණයෙන් යුතු ඇඳුම් ඇඳි බව ‘දීප වංශයේ‘ සඳහන් වෙයි.
මෙතෙක් කාලයක් විදුලිය භාවිතා කළත් නොදැන සිටි කරුණු බොහොමයක් දැන ගන්නට ඇති බව අපිට විශ්වාසයි. විදුලිය කියන්නේ මාරයෙක් බව අපි අවධාරණය කළා. නොපෙනෙන මාරයෙක්. හැබැයි පැමිණ පහර දෙන්නේ නැහැ.
සිඟිත්තන් ගෙදරට සිරියාවකි. ඒ නිසාම සිඟිති දරුවන් ගේ නිදන කාමර, තොටිල්ල ආදිය හැඩකරන්න අම්මා වෙහෙසෙනවා. ලස්සන කුෂන් ටිකක් සකසා නිදන ඇඳ, තොට්ල්ල, පුටු උඩ වගේම බිම තබන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් හැඩැති කුෂන් කවර නිර්මාණය කරගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා.
තරුණී ‘මැහුම් ඉස්කෝලේ‘ ආරම්භ කළේ නිර්මාණශීලී කාන්තාවන්ට අතට මිටට කීයක් හරි හොයා ගන්න රෙදිපිළි ආශ්‍රයෙන් කෙරෙන ස්වයං රැකියා, පුංචි පහේ ඇඟලුම් කම්හලක සිහිනය සැබෑ කර ගන්න දැනුම වගේම අත්වැල් සපයන්නයි. ඒ සමඟම හෙළ සංස්කෘතියේ ඇඳුම් විලාසිතා පුරාණය සොයා ගෙන අතීතයට චාරිකාවක් ගෙන යන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.
“ඇත්තමයි මිගාර, ඔයාට ගොඩක් ස්තුතියි. බලන්නකො... වයරින් එකේ මොනතරම් අඩුපාඩු තිබුණද කියල. ඒව ක්ලියර් කරල දුන්නා විතරක් නෙවෙයි, ආයෙ ප්‍රශ්නයක් වුණොත් ඒව රෙපයාර් කරගන්න විදිහත් කියලා දුන්නනෙ. ඔයා කියල දුන්නු විදිහට කරලා බලමුකො, ලයිට් බිලත් අඩුකර ගන්න පුළුවන්ද කියලා.“
නිවෙසකට අත්‍යාවශ්‍ය බලශක්ති ප්‍රභවය වන විදුලි බලයෙන් වැඩ කිරීමට නම් ඒ පිළිබඳව මූලික දැනුමක් ගෘහණියට තිබිය යුතුයි. හදිසියේ සිදුවන පිළිසකර කර ගැනීමටකට ඒ පිළිබ ඳව දැනුවත් බවක් තිබීම මේ දිනවල අත්‍යාවශ්‍යයි.
Page 14 of 25