Wednesday, April 24, 2024
Follow Us
ඉහළ ම මිලකට අලෙවි වන ඇන්තූරියම් වර්ග

සිතට සතුටත් අතට අමතර ආදයමකුත් ගෙනෙන ඇන්තූරියම් වගාවේ දෙවැනි දිගහැරුමයි මේ.

ඇන්තූරියම් බීජ මඟින් නව ප්‍රභේද බිහිකිරීම නිසා ඉතා ඉහළ තරගකාරී තත්ත්වයක් ද බිහිවෙමින් පවතී. මෙමඟින් දිරිමත් වී ස්වයං රැකියාවක් වශයෙන් ඔබට සාර්ථක වීමට ඇන්තූරියම් වගාව වඩාත් යෝග්‍ය වී තිබේ.

 

කැපූ මලක් ලෙස දිගු කලක් තබා ගැනීමට හැකි නිසාත් විවිධ වර්ණවලින් යුක්ත වීම නිසාත් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද ඉතා හොඳ ඉල්ලුමක් අතීතයේ සිටම ඇන්තූරියම් සඳහා පවතී. තවද අප රටේ පවතින දේශගුණය ඇන්තූරියම් සඳහා වඩාත් උචිත වීම නිසා ඉතා සාර්ථක ප්‍රථිපල මේ වගාවෙන් ලබා ගත හැකියි. අද වන විට කාන්තාවන් පමණක් නොව පිරිමි පාර්ශවය ද ඉතා තරගකාරී ලෙස ඇන්තූරියම් වගා කිරීමට පෙළැඹී ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ ඇන්තූරියම් වගාව අපේ රටේ බොහෝ ජනප්‍රිය ස්වයං රැකියාවක් බවයි.

 

නිවෙසක සාමාන්‍ය ලෙස අලංකාරයට වගා කරන මෙම විවිධ වර්ණවලින් යුක්ත ඇන්තූරියම් මල් විශේෂ උත්සව අවස්ථාවල දී සැරසිලි සඳහා ද යොදාගනී. ඇන්තූරියම් වර්ගවල ද එක් එක් ප්‍රභේද දක්නට ලැබේ. ඇන්තූරියම් අපනයනේ දී කැපූ මල් ලෙස ද පත්‍ර ලෙස ද කුඩා පැළ ලෙස ද අපනයනය කරනු ලැබේ. මෙහිදී වැඩි වශයෙන් අපනයනය කරනු ලබන විශේෂිත ඇන්තූරියම් ප්‍රභේද වන්නේ, කොත්මලේ රතු, කිරිමැටියාන, කොකාකෝලා, පැනික්, එනක්ෂා, ඇමචස් ලව් ආදියයි.

 

කෙතරම් ඇන්තූරියම් වර්ග විදේශ රටවලින් ආනයනය කළ ද ශ්‍රී ලාංකීය කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය සහ මිල අධික වර්ග වන්නේ ඇන්තූරියම් ෂිබෝරි (ෆ්ලෑෂ් යනුවෙන්ද හඳුන්වයි), සෆාරි, පිග්ටේල්, ෆස්ට් පර්පල්, ලිවියම් ආදියත් නිව් බ්ලැක් වැනි කළු පැහැති ඒවාත්ය. එලෙසම බැංකොක් සහ නෙදර්ලන්තයෙන් ආනයනය කරන නව ප්‍රභේද සඳහා ද ශ්‍රී ලංකාවේ හොඳ ඉල්ලුමක් පවතී.

 

තවත් තොරතුරු ඉදිරියට.....

 

 

 

උපදෙස් -

මාතලේ යෝ ෆ්ලවර්ස් හි

හිමිකරු - යොහාන් තේමිය මීගහගේ

(Tharunie)