Friday, April 26, 2024
Follow Us
විදුලි බිල අඩු වන විදිහට ගෙදර බිත්ති වල තීන්ත අාලේප කරන හැටි

නිවෙසකට අත්‍යාවශ්‍ය බලශක්ති ප්‍රභවය වන විදුලි බලයෙන් වැඩ කිරීමට නම් ඒ පිළිබඳව මූලික දැනුමක් ගෘහණියට තිබිය යුතුයි. හදිසියේ සිදුවන පිළිසකර කර ගැනීමටකට ඒ පිළිබ ඳව දැනුවත් බවක් තිබීම මේ දිනවල අත්‍යාවශ්‍යයි.

ඒ නිසාම ඔබට විදුලිය සම්බන්ධ මූලික දැනුමක් ලබා දෙන්නට අප ආරම්භ කළ ලිපිපෙළ මේ වනවිට තරුණී පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි. අද අපි විදුලිය පිළිබඳ දැනගත යුතු තවත් කරුණු කිහිපයක් වෙත යොමුවෙමු.

"මේ සතියේ අපි කතා කරන්නෙ මොනවා ගැනද මිගාර?"

"දැන් වයරින් එක සම්බන්ධයෙන් ගෘහණියකට අවශ්‍ය දැනුම ඔයා ලබාගෙන ඉවරයි පූර්ණි. මේ සතියෙන් විදුලි කතා බහ

අවසන් වෙනවා. අද අපි කතා කරමු විදුලි බිල අඩුකර ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග වගේ ම නිවෙස වර්ණ

ගැන්වීම විදුලි ආලෝකයට ඇතිකරන බලපෑම සම්බන්ධයෙන්.

"ගෙදර බිත්ති වර්ණ ගන්වන එකයි (කලර් වොෂ් කිරීම), ලයිට් අතරයි තියෙන සම්බන්ධය මොකක්ද මිගාර.

එක එක්කෙනා ප්‍රිය කරන වර්ණ

වෙනස්නෙ?"

පූර්ණිමා කුතුහලයට පත් වුණා.

"ඒ කැමැත්ත ඇඳුම් පැළඳුම්, අනෙක් දේවල් සම්බන්ධයෙන් අනුගමනය කළාට කමක් නැහැ. හැබැයි ගෙදර කලර් වොෂ්

කරද්දි හිතන්න ඕනෑ එයින් ලැබෙන ඵලදායිතාවය ගැන. එහෙම කළොත් තමයි කලර් වොෂ් එකෙන් ලයිට් බිලටත්

වාසියක් ලබාගන්න පුළුවන් වෙන්නේ පූර්ණි."

"කලර් වොෂ් එකෙන් කොහොමද ලයිට් බිලට වාසියක් ගන්නෙ මිගාර?"

පූර්ණිමා විමතියට පත් වෙලා ඇහුවා.

 

"ලයිට් බිල විතරක් නෙවෙයි, නිවැරැදි කලර් වොෂ් එකක් කළොත් ලෙඩ අඩුකරගන්නත් පුළුවන්. ඒවිතරක් නෙවෙයි හිතේ

සතුට වැඩි කර ගන්නත් පුළුවන්."

"කාශ්‍යප, එහෙමනම් අලුත් අවුරුද්දටත් එක්ක ලබන මාසෙ අන්තිමට විතර කලර් වොෂ් එකක් දාමුද?"

පූර්ණිමාගේ අදහසට කාශ්‍යප එකඟ වුණේ ඇත්තටම මේ කාලයේ එක රුපියලකින් හරි ඉතිරියක් කරන්න තිබෙනවා නම් වටින නිසයි.

නිවෙසක බිත්තිවල තද පැහැති තීන්ත ආලේප කළ විට ආලෝකය පරාවර්තනය වීම අවමයි. මේ නිසා වැඩි වොට් ගණනකින් යුතු බ්ල්බ යෙදිය යුතුයි. එහෙත් සුදු පැහැය හෝ සුදු පැහැයට ඉතාමත් සමීප ළා පැහැති වර්ණ භාවිත කළොත් බල්බයෙන් නිකුත් කරන ආලෝකය වැඩි කර දෙනවා. මේ නිසා අඩු වොට් ගණනකින් යුතු බල්බයකින් විහිදෙන එළිය වුවද ඇතුළත ඇති දෑ හොඳින් දර්ශනය වෙයි.

නිවෙසක විදුලි බලය ඉතිරි කරන්න නම් අරපරෙස්සම වැදගත්. මේ විදුලිය සම්බන්ධයෙන් අරපරෙස්සමින් වැඩ කරගන්න තවත් වටිනා උපදෙස් කිහිපයක්.

 

විදුලි බිල අඩුකරගන්න මේ විදිහට කරන්න

 

. විසිත්ත කාමරය, කෑමකාමරය, පුස්තකාල හෝ පාඩම් කාමරය, මුළුතැන්ගෙයට විදුලි පහන් දෙකක් හෝ එයට වැඩි

ප්‍රමාණයක් භාවිත කිරීම වෙනුවට මධ්‍යයට ‍ වෙන්නට ප්‍රබල ආලෝකයක් විහිදුවන එක විදුලි බුබුළක් යොදා ගන්න.

සිවිලිම සඳහා සුදු වර්ණය ආලේප කරන්න. පෙර සඳහන් කළ ස්ථාන සඳහා සුදු, කහ වැනි ආලෝකය පරාවර්තනය කරන

වර්ණ ආලේප කරන්න. දිවා කාලයේදී ජනේල සහ තිර හොඳින් විවර කර උපරිම කාලයක් හිරු එළියෙන් පමණක් වැඩකර

ගන්න. විදුලි බුබුළු නොදල්වන්න.

 

. ශීතකරණයේ නියමිත ධාරිතාවට පමණක් ද්‍රව්‍ය ගබඩා කරන්න. මස්, මාළු ආදිය වේලකට අවශ්‍ය ප්‍රමාණයට කවර

කීපලයකට දමා අධිශීත කොටසේ තබන්න.

. රෙගිලුලේටරය මධ්‍යම ප්‍රමාණයට තබා ගන්න.

. ආහාර පිළියෙළ කිරීමට පෙර අවශ්‍ය කරන දෑ පෙළ ගස්වා ගෙන එකවර පිටතට ගන්න. ශීතකරණය වරින් වර විවෘත

කිරීමේ දී සිසිලන වාතය බැහැරවීම නිසා යළි විදුලි නාස්තියක් සිදු වෙයි.

. රෙදි මැදිමේ දී සතියට අවශ්‍ය ඇඳුම් ප්‍රමාණය එකවර මැද ගන්න.

. රෙදි මදින අතරවාරයේ විදුලි ස්ත්‍රික්කය සිරස් අතට තබන්න එපා. එවිට සිසිල්වීම වේගවත්. බෙලෙක් තැටියක තිරස් අතට

තබන්න. (මදින කොටස තහඩුවට වදින ලෙස)

. විදුලි කේතලය / ගිල්වන හීටර භාවිතයේ දී අවශ්‍යය කරන වතුර ප්‍රමාණය පමණක් යොදා ගන්න.

 

. විදුලි කේතල /උදුන් ආදිය ස්වයංක්‍රීය හෝ රෙගියුලේටර් සහිත ඒවා මිලදී ගන්න.

. හොට් ප්ලේට් භාවිතයෙන් බැහැර වන්න. ඒවා භාවිතය අධික විදුලි නාස්තියක්. තාපය අවකාශයට බැහැරවන නිසා

ඵලදායිතාවය අවම මට්ටමක පවතී.

. විදුලි උපකරණ ක්‍රියාත්මක තත්ත්වයේ තිබියදී අවධානයෙන් සිට නියමිත වේලාවේදී විසන්ධි කරන්න.

. ස්වයංක්‍රීය නොවන විදුලි උපකරණ ක්‍රියාත්මවක තත්ත්වයේ තිබියදී බැහැර වැඩක නොයෙදෙන්න.

. ජල ටැංකියට මෝටරයෙන් ජලය පිරුණ විට ස්වයංක්‍රීයව විසන්ධි වෙන උපාංගය සවි කරන්න.

. වතුර මෝටරය මිල දී ගැනීමේ දී ළිඳේ ගැඹුර මෙන්ම ජල ටැංකිය රඳවන උසට ගැළපෙන අශ්ව බලය සහිතව තෝරා ගන්න.

. අත්‍යාවශ්‍යම විදුලි පහන් පමණක් දල්වා තබන්න.

 

. රූපවාහිනිය / ගුවන්විදුලි යන්ත්‍රය, විදුලි පංකා, ජංගම දුරකතන චාජර, විදුලි ඇඩප්ටර ආදිය භාවිත නොකරන අවස්ථාවලදී ප්ලග් බේස් ස්විචයෙන් ම විසන්ධි කරන්න.

 

. අදාළ කටයුතු නිමා කර එතැනින් බැහැරවීමේ දී විදුලි පහන් නිවා දමන්න.

 

මෙම උපදෙස් නිසිආකාරව පිළිපැදීමෙන් විදුලි බිලට විශාල සහනයක් අත්කර ගන්නට පුළුවන්.

(Tharunie)