උරහිස් රහිතව නවතම විලාසිතාවකට මැසූ ගවුමකි. දෝණිගෙ උපන් දිනයට වගේම උත්සව අවස්ථාවකටත් මේ ගවුම හැඩකාර පෙනුමක් ගෙන දෙනවා. ගවුමේ සාය සඳහා ෆ්ලෙයාඩ් සාය යොදාගෙන ඇත. රෙදි තෝරාගැනීමේ දී ඝනකම් මුද්‍රිත රෙදි වර්ගයක් තෝරා ගන්න.
අවශ්‍ය මිමි
උරහිස = 13 - 1 = අඟල් 12
පපුව වට = අඟල් 28
ඉණ වට = අඟල් 24
කර වට = අඟල් 12
පපුව අතර පළල = අඟල් 6
කිහිලි කට = අඟල් 15
පපුව උස = අඟල් 7
ඉණ උස = අඟල් 11
ගවුම උස = අඟල් 25
මිමි ගණනය කිරීම
උරහිස = 12/2 = 6+1/2 = අඟල් 6 1/2
පපු උස = 7+1/2 = අඟල් 7 1/2
ඉණ උස = 11 + 1/2+1/2 = අඟල් 12
පපුව වට = 28/4+1 1/2 = අඟල් 8 1/2
ඉණ වට = 24/4 + 1 1/2 = අඟල් 7 1/2
ඉදිරිපස කඳ කොටස කපාගැනීම
කඳ කොටස ප්‍රින්සන් ලයින් ක්‍රමයට සකසා ඇත. එහි මුල් කොටස කපා ගැනීම සඳහා ගණනය කළ මිමි පළමුවැනි රූපයේ ආකාරයට ලකුණු කරන්න. පළමු රූපයේ අත්කට පළමු රූපයේ අත් කට හැඩය සමඟ ලකුණු කළ ප්‍රින්සස් ලයින් හැඩයට මැහුම් වාසි II රූපයේ සහ III රූපයේ ආකාරයට කපාගන්න.
පිටුපස කොටස කපාගැනීම
පිටුපස සඳහා එළාගත් රෙද්ද මත ඉදිරිපස I රූපයේ ආකාරයට පිටපත් කර ගන්න. ඒ ආකාරයට අත්කට හැඩය ද ඇඳ පිටුපස සිපරය ඇල්ලීම සඳහා මැහුම් වාසි අඟල් 1ක් සහිතව පිටුපස කොටස කපාගන්න.
කොළරය කපාගැනීම
අවශ්‍ය කර වට ප්‍රමාණය රෙද්ද මත නමා මැහුම් වාසි සහිතව තබා ගන්න. රූප සටහනේ ආකාරයට කරවටෙන් භාගෙ ප්‍රමාණයට හැඩය ඇඳ කපා ගන්න.
සාය කොටස කපා ගැනීම
මෙම සාය ෆ්ලෙයාඩ් ආකාරයට කොටස් 2ට කපාගන්න. රෙද්ද ත්‍රිකෝණ ආකාරයට නමන්න. එහි ඉහළ කෙළවරේ සිට පහළට ඉණ ගණනය කළ මිම්ම ලකුණු කර එතැන් සිට පහළට සාය උස ලකුණු කරන්න. ඒ ආකාරයට කොටස් 2ක් කපා ගන්න.
මසා ගැනීම
පළමුව කඳ කොටසේ ඉදිරිපස මූට්ටු කර කොළරය සකසා ගන්න. උරහිස මූට්ටුකර අත් කටට ෆේසිම අල්ලා ගන්න. සාය ඉදිරිපස හා පිටුපස වෙන වෙනම අල්ලා පිටුපසට ෂිපරය අල්ලා ගන්න. කොළරය කරට අල්ලා 3/4ට නිම කරන්න. අංශය මූට්ටු කර වාටිය මසා නිම කරගන්න.
(Tharunie)