මෙය රාත්‍රියට නින්ද නො එන අයට කදිම බෙහෙතකි. අපේ රටේ ඉතාමත් සරුවට වැඩෙන ගොටුකොළ තෙතමනය ඇති ස්ථානවල බහුලව දැකිය හැකියි.
හැමදේටම කඩේ දුවන අම්මලා දැන් නම් නැති තරම්. දරුවන්ගේ, සැමියාගේ, හිතවත් යාළුවන්ගේ උපන්දිනවලට ලස්සන කේක් කඩෙන් ගේන්නෙම නැහැ. තමන්ම හදන්නයි උනන්දුව. ඒ සඳහා අපෙන් ඔබට ලැබෙන සහයයි මේ.... තමන්ගේම ආදරණීයයන් වෙනුවෙන් තමන් ගේ අතින්ම කේක් එකක් රසට, ලස්සනට හැඩ කරන්න ඔබත් ඉගෙන ගන්න.
බැලූ බැල්මට රට ඉඳි වගේ නේද පේන්නේ. ඒත් ඒවගේ පෙනුමක් තිබුණාට මේ තමයි රඹුටන් දෝසි. ඇඹරැල්ලා දෝසි හදන විදිහටමයි හදලා තියෙන්නේ. හරිම රසයි. ඒ වගේම මෙහි විශේෂත්වය වන්නේ රඹුටන් මදය ඇටත් සමඟම කෑමට ගන්න හැකි වීම. හරියට අපි පුංචි කාලේ කොට්ටම්බා ඇටවල මදය කෑවා වගේ කන්න පුළුවන්. කිරි රසයි. ඒ වගේම මෙය පිරිසුදු වියළි වීදුරු බෝතලයකට දමා අවුරුද්දක් පමණ කල් තබා ගන්නට හැකියි. තාම රඹුටන් වාරය නිසා ඔබත් සාදා බලන්න.
කෙසෙල් බඩ කිව්වාම අපිට ටිකක් අමුත්තක් දැනෙනවා. ඒත් අපේ පැරැන්නන් කෙසෙල් කැනක් කපා ගෙට ගන්නකොට අමතක නොකර කෙසෙල් බඩෙත් කපාගෙන ආවේ වස විස නැති, රෝග රැසකට ගුණදායක කෑමක් බව දන්න නිසයි.
Page 23 of 42