Tuesday, April 16, 2024
Follow Us
පොඩ්ඩන්ටත් කන්නට හැකි කෙසෙල් පාන්

පාන්වල මිල ගණනුත් වැඩි නිසා නිවෙසේදීම සකසා ගත්තොත් ඔබේ මුදල් පසුම්බියටත් පහසුවක් වේවී. කෙසෙල් එකතුක සකසන මේ විශේෂිත පාන් වර්ගය ඉතාම රසවත් නිසා ව්‍යංජන, බටර්, ජෑම් වැනි අතිරේක ආහාර රහිතව වුවද රස බැලිය හැකියි.

කෙසෙල් පාන් සෑදීමට මේ දේවල් යොදා ගනිමු.

ශීත කළ මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩි 4ක්

සීනි අඬු කෝප්ප 1 1/2ක්

ලුණු නැති බටර් ග්‍රෑම් 115ක්

පිරිසුදු වැනිලා තේ හැඳි 2ක්

බිත්තර 2ක්

පාන් පිටි ග්‍රෑම් 375ක්

බේකින් සෝඩා තේ හැඳි 1 1/2ක්

ලුණු තේ හැඳි 1/2ක්

අවශ්‍ය නම් ගම්මිරිස් ස්වල්පයක්

 

මෙලෙස කෙසෙල් පාන් හදා ගනිමු. මුලින්ම අවන් එක සෙල්සියස් අංශක 180කට රත් කරන්න. ශීත කළ කෙසෙල් එක මයික්‍රෝවේව් එකක හෝ බ්ලෙන්ඩරයක ආධාරයෙන් පේස්ට් එක දිය කරගන්න. අඟල් 9 x අඟල් 5 ප්‍රමාණයේ පාන් තැටි දෙකක් ගෙන එයට බටර් ස්වල්පයක් ගා ගන්න. ඉන්පසු දියකරගත් කෙසෙල් ගෙඩි ගෑරුප්පුවක් හෝ අර්තාපල් මැෂර් එකක් ආධාරයෙන් පොඩි කරගන්න. පොඩි කරගත් මිශ්‍රණයට සීනි, උණු කළ බටර්, බිත්තර සහ වැනිලා දමා ලී හැන්දක් භාවිත කරමින් මිශ්‍ර කරන්න. ඉන්පසු පිටි, බේකින් සෝඩා සහ ලුණු ද එයට එකතු කරන්න. චොක්ලට් චිප්ස්, වියළි පලතුරු, කැඩුණු පීකන්ස් එකතු කළ හැකි යි.

 

සාදාගත් මිශ්‍රණය පාන් තැටියට එකම මට්ටමකට දමා ගන්න. අනතුරුව විනාඩි 60ක් පුලුස්සා ගන්න. එය නියම ප්‍රමාණයට පිලිිස්සී ඇද්දැයි බැලීමට ටූත් පික් එකක් භාවිතා කරන්න. හොඳින් පිලිස්සුණු කේක් එක සම්පූර්ණයෙන්ම සිසිල් වූ පසු කෙසෙල් පාන් පෑන් තුළ තදින් වසා දින 3ක් පමණ ශීතකරණයේ තබා ගන්න.

Tharunie