ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචරණය කළහැකි බව සංචාරක අමාත්‍යංශය පවසනවා. දිස්ත්‍රික් හා පළාත් අතර සංචරණ සීමා ඔවුන්ට අදාල නොවන බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
Police spokesman - DIG Ajith Rohana has reminded the public of the changes in travel restrictions which will come into effect from tomorrow (17).
කොරෝනා තත්ත්වය දරුණු වීමට පෙර ජනතාව පීඩාවට පත්වූ ගැටළු 02 ක් පිළිබඳ දැඩි කථාබහක් මතු වුණා. ඒ, ගෑස් සහ පොල්තෙල් ගැටළුවයි. කොරෝනා තත්ත්වය හේතුවෙන් එම උණුසුම මැකී ගියත් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ පොල්තෙල් සහ ගෑස් ගැටළුව තවමත් එලෙසම පවතින බවයි.
ඉකුත් දිනවල පැවති අයහපත් කාලගුණයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මක කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ අයහපත් කාලගුණයෙන් නිවාස 549කට හානි සිදුව ඇති බවයි. නිවාස 03කට පූර්ණ හානිද තවත් නිවාස 546කට අර්ධ හානිද සිදුව ඇති බව ඔහු සඳහන් කළා.
In a message to citizens of Colombo, Mayor Rosy Senanayake yesterday said the state procurement system had managed to source and procure an adequate stock of AstraZeneca vaccines for the second dose, which will be received within the next 14 days.
අද දිනයේ වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්‍ෂා කළ හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ගිණිකොන දිග අරාබි මුහුද ආශ්‍රීතව පවතින පීඩන අවපාතය මේ වන විට ක්‍රමයෙන් දිවයිනේ මුහුදු වෙරලෙන් ඉවතට ගමන් කරමින් ඇති බවයි.
වයස අවුරුදු 15 ට වැඩි පිරිසට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලෝකය භාවිත කරන ප්‍රධාන පෙළේ එන්නත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මෙරටට ලැබීමෙන් පසු එම වැඩපිළිවෙළ ආරම්භ වනු ඇති බවයි.
පී.සී.ආර්. පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා, එහෙත් රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් ඔවුන්ගේ නිවෙස් තුළ ම රඳවා ප්‍රතිකාර කිරීමට තීරණය කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
Minister of Health - Pavithra Wanniarachchi says that following the vaccination programme in Western Province, it will be extended to the districts of Kandy, Kurunegala and Rathnapura.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහි සිදුකරන ලද පරීක්ෂණ වාර්තා අසම්පුර්ණ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදුකර තිබේ.
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණපිළිබඳව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
වයඹ පළාත තුල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව දැනුම් දී තිබේ.
කොවිඩ් රෝගීන් ප්‍රමාණය වැඩි වෙමින් පවත්නා බැවින් රෝහල්වලට අවශ්‍ය පහසුකම් සැපයීමට සහයෝගය ලබාදෙන ලෙස මෙරට දනවතුන්ගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර තිබේ.
පවතින වසංගත තත්ත්වයත් සමග රෝහල්වල ඇතිවී තිබෙන තදබදය හමුවේ ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කිරීමේදී ගැබිනි මව්වරුන්, නිදන්ගත රෝග පවතින අයට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට ප‍්‍රමුඛතාව ලබා දීමට තීරණය කර ඇතැයි කොවිඞ් රෝග මර්දන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය ස`දහන් කළාය.
The Cabinet has approved the necessary financial provisions to provide all necessary needs to the health sector to control COVID epidemic, Environment Minister Mahinda Amaraweera said.
The Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) has warned the public over a Whatsapp message being circulated which requests them to provide a 6-digit code.
බලපත්‍ර ලබා ගැනීමකින් තොරව බස්නාහිර පළාත තුළ එළවළු, පළතුරු සහ මාළු අලෙවි කිරීමට අවසර පවතින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. මෙම අවසරය ලබාදී ඇත්තේ ඊයේ දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳපලට සිය අස්වනු රැගෙන ආ ගොවීන් එම අස්වනු අලෙවි කර ගත නොහැකිව පත්වූ අපහසුතාව ද සැලකිල්ලට ගනිමින්.
පවත්නා කොවිඩ් අවදානම හේතුවෙන් දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් 38ක් හුදකල කිරීමට තීරණය කර තිබේ.
Page 356 of 641