එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීමට මෙරටට වැය වූ මුදල අදාල සමාගමෙන් අය කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් ඇතැයි සමුදී්‍රය පරිසර ආරක්ෂන අධිකාරිය පවසනවා. ගින්න නිවීමට එක් වූ මෙරට ආයතන ඒ සදහා කටයුතු කරමින් සිටින බවයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසුවේ.
සමුද්‍රීය ආරක්‍ෂණ පනත උල්ලංගණය කිරීම හේතුවෙන් නෞකාවේ කපිතාන්වරයාගෙන්ද දඩු මුදලක් අය කර ගැනීමට කටයුතු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
එමෙන්ම එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් මුහුදු පරිසර පද්ධතියට සහ මුහුදු ජීවීන්ට සිදුවූ හානිය ගණනය කිරීමට විශේෂඥ කමිටුවක් ද පත්කර තිබෙනවා. එම කමිටුවෙන් ලැබෙන නිර්දේශ අනුව ඒ සදහාද හානි පූර්ණයක් බලා ගැනීමට කටයුතු කරන බවයි සමුදී්‍රය පරිසර ආරක්ෂන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසුවේ.
මෙරටට පැමිණෙන නෞකාවක් ගිනි ගැනීමට ලක්වුවහොත් ඊට මුහුණදීමට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටද අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර කොළඹ වරාය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව ඇති එම නෞකාවේ වෙරළට ගොඩ ගැසූ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අද දිනයේත් ක්‍රියාත්මකයි.
(Neth)