Monday, January 19, 2026
Follow Us
අගමැති උස්වැටකෙයියාව වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.

එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට අගමැතිවරයා එලෙස නිරීක්ෂණ චාරිකාවට එක්වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

නෞකාවේ ගින්නෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි අගමැතිවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.

සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගන්නා ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර මෙවැනි ආපදාවලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන් දැනුවත් කර තිබේ.

(Aruna)