Monday, January 19, 2026
Follow Us
ධීවර, නාවික හා වෙරළාසන්න ජනතාවට දැනුම්දීමක්

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50 -55ත් දක්වා වැඩි විය හැකිය.

මේ අතර ධීවර හා නාවික ප්‍රජාව සහ වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 – 3ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවතී.

(Aruna)