Monday, January 19, 2026
Follow Us
කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් පත් කරයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයන් පත්කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපතීත්වය ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා දරණ බව එම නිවේදනයේ සඳහන් වේ.

කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ,
මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා
ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා
ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂ
ජෙරාඩ් ඔන්ඩච්චි මහතා
මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතා

(Aruna)