දිවයිනේ සියලු ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘත කෙරෙනවා. ඒ, සිල්ලර සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහායි. සංචරණ සීමා පවතින කාලය තුළ නිවෙස් වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට රජය අවසර ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ භාණ්ඩ රැගෙන යන සහ භාණ්ඩ රැගෙන එන රථවාහන සඳහා එය තහවුරු කිරීමට අදාළ ලේඛණයක් තිබීම අත්‍යවශ්‍ය බවයි.
මේවනවිට ගත වන්නේ මේ මාසයේ අවසන් දින කිහිපයයි. ඒ අනුව රාජ්‍ය සේවකයින් හැර පෞද්ගලික අංශයේ බොහෝ සේවකයින්ට සිය මාසික වැටුප මෙතෙක් ලැබී නැහැ. මාසික වැටුප සිය බැංකු ගිණුම් වෙත බැරවීමෙන් පසු එය ලබා ගැනීමට බැංකු වෙත යාමට සංචරණ සීමා පවතින කාලය තුළ අවසර හිමිවන්නේද යන්න සම්බන්ධයෙන් නෙත් නිවුස් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ලගම පිහිටි බැංකුවේ ATM යන්ත්‍රය වෙත පාගමනින් ගොස් මුදල් ලබා ගැනීමට අවසර හිමිවන බවයි.
මේවනවිට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 07 වනදා තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ඊයේ තීරණය කළා. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ඩිලිවරි සේවා හරහා නිවෙස් වෙතටම ගොස් අලෙවි කිරීමට අවසර ලබාදීමටයි තීරණය කෙරුණේ. අත්‍යවශ්‍ය අවස්ථාවකදී හෝ අත්‍යවශ්‍ය රාජකාරියකට හැර වෙනත් කිසිඳු අවස්ථාවක නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමිවන්නේ නැහැ. අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යන පුද්ගලයින් ද තමන් අදාළ දිනයේ රාජකාරියට කැඳවා ඇති බවට තහවුරු කළ හැකි ලේඛණයක් ලග තබා ගැනීම අනිවාර්යය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
(Neth)