Monday, January 19, 2026
Follow Us
සරසවි ප්‍රවේශ අත්පොත සිසුන්ගේ නිවෙස් වෙතටම

සංචරණ සීමා තාවකාලිකව ඉවත් කිරීම නතර කිරීමට කටයුතු කළද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අත්පොත සිසුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමට පොත් අලෙවි සැල්වලට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

එසේම අදාළ ක්‍රමවේදයද භාවිත කිරීමට නොහැකි නම් අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අදාළ ඉල්ලුම් පත්‍ර යොමු කිරීමටද හැකියාව පවතින බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

(Aruna)