මතභේදයට ලක්ව ඇති පොහොර ආනයනය කළ සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂවරයකුට තමාගේ ඥාතීත්වයක් ඇති නමුත් එම සමාගමේ ව්‍යාපාර කටයුතුවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර එම සමාගමට ව්‍යාපාර කටයුතු ලබාදීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිසේත්ම සිදුකර නොමැති බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා අවධාරණය කරයි.
● PM says he will get back to Chinese Ambassador over fertilizer issue
● PM informs Chinese Ambassador a third local party will test the fertilizer
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අද ආරම්භ වනවා. ඒ, ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හීදියි. නොවැම්බර් 12 දක්වා පැවැත්වෙන එම සමුළුවේ තේමාව වන්නේ “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” යන්නයි. නොවැම්බර් 01 වනදා සහ 02 වනදා එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබෙනවා.
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
පළාත් සංචරණ සීමා අද අලුයම හතරේ සිට ඉවත් කෙරුණා. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා පැවති කොවිඩ් මර්දන කමිටුවේදී සදහන් කළේ. පළාත් සංචරණ සීමා ඉවත් කෙරුණද මහජනතාව වගකීමකින් යුතුව කටයුතු කළයුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.
ඊළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ ගොඩනගන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
රටට සහ ජනතාවට ඵළදායි අයවැයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී (28) පස්වරුවේ පැවසීය.
Transport Minister Pavithra Wanniarachchi today instructed the National Transport Commission (NTC) Chairman to provide all possible relief for private bus owners to restart bus service.
Page 273 of 642