Friday, May 17, 2024
Follow Us
අවදානම් ස්ථානවලින් ඉවත් නොවුනොත් බලෙන් ඉවත් කරනවා

ආපදා තත්ත්වය නොතකමින් සමහරු විනෝද ගමන් යනවා


නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින් පොලීසිය හා අධිකරණ ක්‍රියාමාර්ග තුළින් බලය යොදා ඉවත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

එවැනි පුද්ගලයන්ව එම ස්ථානවලින් ඉවත් කිරීම සඳහා පොලිසියට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරෙන බව අද (10) පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේය.

“වසංගත තත්ත්වය හා ආපදා තත්ත්වය තිබියදී විනෝද ගමන් යන කණ්ඩායම් ඉන්නවා. ගිය සිකුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කන්දක් තරණය කරන්න ගිය තරුණියන් සහ තරුණ කණ්ඩායමක් අපිට හමුවුණා. ඔවුන් අතරමං වුණා කියලා මහ රාත්‍රියේ අපිට දුරකථ ඇමතුම් දෙනවා. එතටකාට ඔවුන් ඔවුගේ ජීවිත උඳුරට පත්වෙනවා පමණක් නෙමෙයි ඔවුන්ව සොයා බැලීමට පැමිණෙන අයගේ ජීවිතත් අවධානමට ලක්කරනවා. ඒ අනුව මින් ඉදිරයේදී එනැනි අපරික්ෂාකාරීව අපි කියන උපදෙස් අනුව කටයුතු නොකරණ සහ ඒ ආකාරයට අනවසරයෙන් කැළෑවලට ගිහින් විනෝද වන අයට ඒ වාගේ අතරමං වුණා කියලා හිරවෙන කට්ටිය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරනවා.”යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

(Aruna)