Thursday, May 02, 2024
Follow Us
නඩු කටයුතු ප්‍රමාදවීමෙන් ජනතාව අපහසුතාවට - අලි සබ්රි

නඩු කටයුතු ප්‍රමාදවීම සහ ඉන් ජනතාව අපහසුතාවට පත්වීම තමන් පිළිගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ඒ, අද පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

විත්තිකරුවන් අසනීපවීම, අධිකරණ වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීම වැනි කරුණුද නඩු ප්‍රමාදයට හේතුවක් බවයි අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 600 ක් හේතුවෙන් නීති උපදෙස් ලබාදීමද ප්‍රමාදවි ඇති බව නීතිපතිවරයා දැනුම් දුන් බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

 

(Neth)