Friday, May 17, 2024
Follow Us
තරුණයින් පාස්පෝට් පෝළිමේ ඉන්නේ අපේ රජය විදේශ රැකියා අවස්ථා ගොඩාක් දුන්නු නිසා - ඇමති SM

තරුණ තරුණියන් විශාල වශයෙන් පාස්පෝට් පෝළිම් වල රැඳී සිටින්නේ රටේ ප්‍රශ්න ඇති නිසා නොව වත්මන් රජය විශාල වශයෙන් විදේශ රැකියා අවස්ථාවන් ලබාදීම නිසා බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

"දැන් හුඟාක් දෙනෙක් කියනවා - ගරු අග්‍රාමාත්‍ය තුමාත් එදා ප්‍රකාශ කළා - ඒ චිත්‍ර ඇඳපු, සහයෝගය දුන්න ළමයි දැන් හුඟක් දුරට රට යන්න ලෑස්ති වෙලා ඉන්නවා නම්, පෝළිම්වල ඉන්නවා නම් යන්න එපායි කියලා. නමුත් මේ ගැන අපි හොයලා බැලුවා. මේ පෝළිම්වල හුඟාක් දුරට ඉන්නෙ - අගමැතිතුමා කිව්වෙ මේ පෝලිම්වල යන්න එපායි කියලා - නමුත් දැන් මේ හුඟාක් දෙනෙක් මේක වෙනත් විදියකට හරවාගෙන දඟළනවා.

දැන් අද ඇත්තටම පාස්පෝට් ඔෆීස් ළඟ විශාල වශයෙන් ඉන්නෙ, පෝළිමේ ඉන්නෙ, අපේ රජයෙන් විදේශ රැකියා විශාල වශයෙන් සංඛ්‍යාවක් සපයලා තියෙනවා. අද ජපානයේ යන්න විශාල පිරිසක් තෝරාගෙන තියෙනවා. ඊශ්‍රායලයේ යන්න විශාල පිරිසක් තෝරාගෙන තියෙනවා. කොරියාව ආදී රටවල්වලට තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීලා තියෙනවා. දැන් ඒගොල්ලොන්ගෙ විදේශගත වීම් සඳහා අවශ්‍ය කටයුතු වලට තමයි පෝළිම්වල ඉන්නෙ. ඉතිං අපි විදේශ රැකියා විශාල ප්‍රමාණයක් ලබාදීලා තියෙන නිසායි ඒ පෝලිම් ගැහිලා තියෙන්න කියන එක පැහැදිලිවම කියන්න ඕනෙ. එහෙම නැතුව මේ රටේ ආරක්ෂාව නැතිනම් කමක් නෑ රටින් පැනලා ගියාට. රටේ ආර්ථිකය කියන එක කාටත් පොදු දෙයක්, ඒක ලෝකෙ ගියත් කවුරුහරි ඒවාට මුහුණ දෙන්න වෙනවා එහෙම යනවා නම්. එහෙම නැහැ. පැහැදිලිවම ඒක මම ප්‍රකාශ කරන්න ඕනෙ"

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)