Thursday, May 02, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය අද

අයවැයෙන් අධ්‍යාපනයට 7.51%ක්


ශ්‍රී ලංකාවේ හැත්තෑ හය වැනි අයවැය අද, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

කොවිඩ් නිසා මහත් අර්බුධ රැසකට මැදී වී සිටිය දී ජනතාව මෙවර අයවැය දෙස බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත්තේ, මෙම ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනයයි.

මේ අතර, මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා 7.51%ක් වෙන් කර ඇති බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරනවා.

වසර 25ක් පුරාවට පැවති ගුරු – විදුහල්පති වැටුම් විෂමතාව විසඳීම මෙන්ම, මෙය ද ඓතිහාසික ක්‍රියාමාර්ගයක් බව යි සඳහන් වෙන්නේ.

මේ සඳහා රුපියල් කෝටි තුන් දහසක් වෙන කර ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළා

(Aruna)