Thursday, May 02, 2024
Follow Us
මගෙන් බැරිවුනොත් අලුත් අය හොයන්න - ජනපති කියයි

තම රජය තුළින් බලාපොරොත්තු වූ අරමුණ ඉටු නොවන්නේ නම් අලුත් කණ්ඩායමක් සොයා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරිදි දෙයට සහය දීම බවයි.

නව සාමාන්‍යකරණය උද්ඝෝෂණ හා පෙලපාලී පැවැත්වීමට පමණක් යොදා ගැනීමේ විපක්ෂයේ වැඩපිළිවෙල කණගාටුදායක බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

විපක්ෂය අද කිසිදු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරෙන බවත් මෙම ක්‍රමය වෙනසකට ලක් කිරීම රටේ අනාගතය වෙනුවෙන් වර්තමාන අවශ්‍යතාවක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

(Neth)