දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කර තිබේ.
ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. විශේෂයෙන් උතුරු මැද, වයඹ, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු හටගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය එළඹෙන ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
වෙළඳපලේ සුදු සීනි හිගයක් මතුව තිබෙනවා. තොග වෙළඳසැල් වලින් සීනි ලබාදීම සීමා කර ඇති අතර මේ හේතුවෙන් වෙළඳපලේ සීනි අලෙවි කෙරෙන්නේ පාලන මිලට වඩා වැඩි මිලකට බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
දේශපාලන වුවමනාවන් නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කරගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.
කොළඹ වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීම සදහා එම කිරිපිටි ආනයනය කළ ආයතනයට ගෙවිය යුතු මාස 3ක මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මේ වනවිට ධාවනයේ නොමැති එහෙත් මීට පෙර පළාත් අතර ධාවනය වූ ලංගම බස්රථ අද සිට අදාළ පළාත තුළ පමණක් ධාවනය සඳහා එක් කිරීමට ප්‍රවාහන බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඔක්තෝබර් 06 වැනිදාට යෙදෙන ගුරු දිනයේදී ගුරු-විදුහල්පති අරගලය තවදුරටත් ව්‍යාප්ත කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පවසනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ගුරුවරුන් සූදානමින් සිටින්නේ.
අවුරුදු 12 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ආබාධ සහිත දරුවන් 6,000 කට පමණ මේවනවිට ෆයිසර් එන්නත ලබාදී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල පවසනවා. එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ එන්නත ලබාදුන් කිසිඳු දරුවෙකුට මේ දක්වා සංකූලතා ඇතිනොවූ බවයි.
මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට නම් මංගල සහ අවමංගල උත්සව මෙන්ම පොදු ප්‍රවාහන සේවා සීමා කළ යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඇතැම් කොරෝනා ආසාධිතයන්ට දින 90 ත් 180 ත් අතර කාලයක් රෝග ලක්ෂණ පැවතිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
Page 352 of 744