Sunday, July 13, 2025
Follow Us
දර මිටියක මිල ඉහළට

රක්ෂිතවල ගස් කැපීමත් වැඩිවෙයි


ගෘහස්ත ගෑස් මිල ඉහළ යෑම හා භූමිතෙල් හිඟවීමත් සමග ප්‍රධාන නගර මෙන්ම තදාසන්න ජනාකීර්ණ ප්‍රදේශවලද දරවලට ඇති ඉල්ලුම වැඩිවීම හේතුවෙන් දර සඳහා ගස් කැපීම ඉහළ ගොස් ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ඒ අනුව රක්ෂිතවල ඇති ගස් කපා දර ලෙස නගරවලට ප්‍රවාහනය කිරීම වැඩිවී තිබේ.

අනුරාධපුරය, පුත්තලම, මොනරාගල, හම්බන්තොට ආදී ප්‍රදේශවල සිට කොළඹට ව්‍යාපාරයක් ලෙස මහාමාර්ගයෙන් ලොරිවලින් දර ප්‍රවාහනය වැඩි වී තිබේ.

මෙතෙක් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල අලෙවි වූ රබර්, කුරුඳු, ගිනිදර ආදී දර මිටියක මිල රුපියල් 30-50කින් වැඩවී ඇත. ඒ වෙනුවට වීර, දඹ, පලු ආදී දර ද කොළඹට ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබේ.

(Aruna)