Wednesday, November 12, 2025
Follow Us
මුලින් බයක් තිබුණා.. දැන් එහෙම නැහැ - දිමුත් කතා කරයි

ටෙස්ට් තරග සියයක් ක්‍රීඩා කිරීම සහ ටෙස්ට් ලකුණු දස දහසක් රැස් කිරීම තම ප්‍රධාන අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා. ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මීට පෙර තමා අසාර්ථකවේ යැයි බියෙන් ක්‍රීඩා කළද දැන් එවැනි මානසිකත්වයක් නොමැති බවයි.

ටෙස්ට් තරග 73 කට ක්‍රීඩා කර ඇති දිමුත් කරුණාරත්න රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 5,406 ක්. ඔහු මේ වසර තුළ පමණක් ලකුණු 854 ක් රැස්කර ගෙන තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු දස දහසේ සීමාව මේ වනවිට පසුකර ඇත්තේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පමණයි.

(Neth)