අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් අතර පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ කච්ඡාවක් පෙබරවාරි 23 දින උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරායේ දී පැවැත්විණ.
මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ බිලියන හයසිය දහනවයක මුදල මෙතෙක් ඉතිහාසයේ මෙරට අයවැයක් හරහා අධ්‍යාපනයට වෙන්කරන ලද විශාලතම මුදල බවත්, ඉදිරි වසරේ සිට අධ්‍යාපනය නවමු දිශානතියකට යොමු කරමින් 2026 වසරේ දී පාසල් පද්ධතිය තුළ පළමු ශ්‍රේණියේ සහ හය ශ්‍රේණියේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පැවසුවා ය.
නල දරු තාක්ෂණය සහ අනෙකුත් වෛද්‍ය විද්‍යාත්මක මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහා වන මාර්ගෝපදේශන මාලාව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගැන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල සඳහා සම්පත්දායක සංචිතයක් සහ ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපනය කරනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් අතර පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ කච්ඡාවක් පෙබරවාරි 23 දින උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරායේ දී පැවැත්විණ.
ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී ඇතැයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
දුම්රිය අනතුරු අවම කර ගැනීම ඇතුළු දුම්රිය ප්‍රවාහන කටයුතු විධිමත් කර ගැනීම සඳහා Global Positioning System හෙවත් ගෝලීය ස්ථානීය පද්ධතිය දුම්රිය තුර ස්ථාපිත කිරීමට මේ වන විට කටයුතු කඩිනම් කරමින් පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී අධිකාරී ජේ.අයි.ඩී ජයසුන්දර මහතා සඳහන් කරයි.
ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කදු නැගීමේ ශූර යොහාන් පීරිස් , ලෝකයේ තවත් උසම කදු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම දිනවල පවත්නා අධික හිරු රශ්මිය හේතුවෙන් සියලු දෙනා පීඩාවට පත් වන අතර මෙම උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් අධික පිපාසයක් වැනි අපහසුතාවයන්ට ද මුහුණදීමට සිදු වේ.
මෙම තත්ත්වය තුළ අධික හිරු රශ්මියෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත සඳහන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් එම පිඩාකාරී තත්ත්වයෙන් මිඳී සිටීමට පුළුවන් වනු ඇත.
මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දැනුවත් කිරීමකි.
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
රට තුළ පැවති ආර්ථික අභියෝගයන් හේතුවෙන් 2019 සිට පාසල් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු වුනේ නැති එබැවින් පාසල් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 10,000 කට වඩා දැනටමත් වෙන් කොට තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .
A fire that broke out in the Maskeliya Nallathanniya Valamale Upper Area Reserve in the Nuwara Eliya District yesterday (Feb 24) was successfully brought under control with the swift intervention of the Sri Lanka Air Force (SLAF).
ශ්‍රී ලංකා තුළ අපරාධ මැඩලීම් සාර්ථකව සිදුකරගෙන යාමේදී, ඊට එරෙහිව ඇතැම් පාතාල කණ්ඩායම් ක්‍රිියාත්මක වන බවත්, විමර්ෂණ අඩපණ කිරීමට ඇතැම් කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.
මෙවර අයවැයෙන් දැවැන්ත මුදලයක් වෙන් කිරීමට කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වගකීමක් ලෙස සලකමින් පාසල් තුළ සනීපාරක්ෂාව වර්ධනය කිරීමත්, වයස අවුරුදු 13ට වැඩි සියලුම ගැහැනු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබා ගැනීම වෙනුවෙන් වව්චර් පතක් ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය අද (24) අවධාරණය කළා ය.
රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය.
වැල්ලව, මරළුවාව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීම පොලීසිය තීරණ කර තිබේ.
Page 61 of 755