Wednesday, July 16, 2025
Follow Us
"අර්ථ" ජාතික වැඩසටහන  ආරම්භ කෙරේ
ළමා නිවාස සහ සුරැකුම් මධ්යස්ථානවල වෙසෙන දරුවන්ගේ ජීවිත නගාසිටුවීමේ අරමුණින් එම දරුවන් වෙත මාසිකව රුපියල් පන්දහසක දීමනාවක් ලබා දීමේ “අර්ථ”- ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ(15) අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්විණි.

 කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශයේ මූලිකත්වයෙන් ක්රියාවට නැගෙන “අර්ථ” වැඩසටහන සමඟ නිල බැංකුව වශයෙන් මෙරට කීර්තිමත් රාජ්ය බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව අත්වැල් බැඳගෙන සිටියි. දරුවන් වෙත මාසිකව රජය විසින් පිරිනැමෙන රුපියල් පන්දහසෙන් රුපියල් තුන්දහසක මුදලක් ඔවුන්ගේ දෛනික අවශ්යතා සපුරාගැනීම සඳහා ඔවුන් වෙසෙන සුරැකුම් නිවාස භාරකාරත්වය වෙත ලබා දෙන අතර, ඉතිරි රුපියල් දෙදහසක මුදල එම දරුවන්ගේ නමින් බැංකු ගිණුමේ තැන්පත් කරනු ලැබේ. ඒ ඔවුන් සමාජගතවන අවස්ථාවක ඔවුන්ගේ ඉදිරි අධ්යාපනික හෝ වෘත්තීය කටයුත්තක් වෙනුවෙන් යොදාගත හැක වන පරිදි ඔවුන් වෙනුවෙන් සිදුකරන ඉතිරි කිරීමක් වශයෙනි.