Monday, February 09, 2026
Follow Us
ශ්‍රී සෝභිත නාහිමිගම නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරේ
ශ්රි සෝභිත නාහිමිගම නිවාස ව්යාපෘතිය ප්රතිලාභී අයිතියට පැවරීම ජුලි 12 දින අනුරාධපුර දිස්ත්රික්කයේ ඔයාමඩුව, ඇල්පත්ගම දී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී නිවාස ව්යාපෘතියට අදාල නිවාස 115ක් ජනතාවට ප්රදානය කිරීම සිදු කල අතර මෙම ව්යාපෘතිය අතිපූජ්ය මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනම, වත්මන් රජයේ මැදිහත් වීමෙන් සහ ඉන්දියානු රජයේ ආධාර ඇතිව සිදු කර ඇත.

 
එහිදී සමරු ඵලකය විවෘත කල අග්රාමාත්යතුමිය නිවාසලාභීන් තිදෙනෙකු සදහා සංකේතාත්මකව නිවාසවල යතුරු භාර දෙන ලදී. එමෙන්ම අග්රාමාත්යතුමිය අතින් විහාර භූමිය තුළ පැලයක්ද රෝපණය කළාය.