වනඅලි ගම්වැදීම හේතුවෙන් වනඅලීන්ට සහ ගම්වාසීන්ට මෙන් ම වගාවන්ට හානි සිදුවීමේ ප්‍රධාන බලපෑමක් වී ඇත්තේ වනඅලීන්ගේ ස්වභාවික සංචරණ සීමාවන් හරහා පවතින වගාබිම් සහ අනවසර ඉඩම් අතපත්කරගැනීම් වේ.
ඒ අනුව වනඅලීන්ගේ නිදහස් සංචරණය සඳහා මෙන් ම අලිමිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණෙන්, නිදහස් කිරීමට අපේක්ෂිත හුංගමාලුඔය සහ පූනානි යන අලි කොරිඩෝ දෙක නිදහස් කිරීම්වලට අදාළ වර්තමාන තත්වය පිළිබඳ විමසීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරු ඊයේ(16) මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පිවිසුම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක් සඳහා සහභාගී වූහ.
ඒ අනුව පූනානි සහ හුංගමාලුඔය අලි කොරිඩෝ නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසත් එම නිදහස් කිරීම්වලට අදාළ බාධා තිබේනම් කඩිනමින් ඒවාට විසඳුම් සොයමින් කටයුතු කරන ලෙසත් එහි ප්‍රගතිය ඉතා ඉක්මණින් අමාත්‍යවරුන් වෙත දන්වන ලෙසත් වනජීවී දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දෙන ලදී.
එමෙන් ම මින්නේරිය වනජීවී කලාපයට අයත් ප්‍රදේශයන්හි දැනට පවතින අලිවැට නිරීක්ෂණය කළ අතර නව අලිවැට ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු පිළිබඳ විමසා බලන ලදී. ඒ අනුව ඉදිකෙරෙමින් පවතින අලි වැටවල කටයුතු කඩිනම් කරන ලෙසත් එහි ප්‍රගතිය පිළිබඳ කඩිනම් වාර්තා යොමු කරන ලෙසත් පරිසර අමාත්‍යවරුන් විසින් උපදෙස් ලබා දෙන ලදී. එහිදී වැඩි වශයෙන් අලි මිනිස් ගැටුම ප්‍රබල ප්‍රදේශයන්ගේ අලිමිනිස් ගැටුම් අවම කරලීමට අවශ්‍ය පියවර ඉක්මණින් ගන්නා ලෙස වනජීවී දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන් අතර වනඅලි පෝෂක ප්‍රදේශ වැඩිදියුණු කිරීමට අදාළ වර්තමාන ප්‍රගතියද විමසීමට ලක් කෙරිණි. විශේෂයෙන් වනඅලි, වෙඩි තබා ඝාතනය කිරීම් සහ අනවසර අලිවැට ඉදිකිරීම්වලට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ද ගරු අමාත්‍යවරුන් මෙහිදී අවධාරණය කරන ලදී.
පොළොන්නරුව වනජීවී කලාපයට අයත් මින්නේරිය ජාතික වනෝද්‍යානය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන දොරටුවල සංචාරකයන් සඳහා සෆාරි ජිප් රථවල ප්‍රවේශ පත්‍ර තදබදය පිළිබඳ පරිසර අමාත්‍යංශයට කරුණු වාර්තා වූ අතර ඒ පිළිබඳ විමසා බලා කඩිනම් පියවර ලබා ගැනීම සඳහා ද පරිසර අමාත්‍යවරු ෙඊයේ පස්වරුවේ මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගී වූහ.
එහිදී එම උද්‍යානයේ පවතින දොරටු දෙකේ සංචාරකයන් පැමිණීමේ දී ඇතිවන තදබදය අවම කිරීම සඳහා නව ටිකට් කවුන්ටර් විවෘත කිරීමට පරිසර අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන් අතර උද්‍යාන නැරඹිම සඳහා පැමිණෙන සංචාරකයන්ට ඉතා පහසුවෙන් තම සංචාරය කළ හැකි වටපිටාවක් සකස් කරමින් නව ටිකට් කවුන්ටර් විවෘත කිරීමට පියවර ගන්නා ලදී.