Thursday, July 17, 2025
Follow Us
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය ජනතා අයිතියට

ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව ප්රධාන තැපැල් කාර්යාලය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කෙරිණි.

පොලොන්නරුව ප්රධාන තැපැල් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මුද්දර උප කවුළුව විවෘත කිරීම, උප කාර්යාලය මගින් නිකුත් කරන ලද පුද්ගලකාරක මුද්දරය පිරිනැමීම සහ ප්රථම ගනුදෙනුව සිදු කිරීම ද සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
 
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී කියා සිටියේ වසර 228 පමණ ඉතිහාසයක් සහිත මෙරට තැපැල් සේවාව සැලසුම් සහගතව සංවර්ධනය කරන බවයි.
ලංකාවේ ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්රධාන මාධ්ය ලෙස මෙන් ම ආරක්ෂිත හා අඩුම වියදමකින් සේවා සපයන ස්ථානයක් බවට ශ්රි ලංකා තැපැල් සේවාව පත් කරන බවත් ඊට තැපැල් කාර්යාල 4000 කින් සහ 22,000 පමණ වන තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය දායකත්වය ලබා දිය යුතු බව ද පැවසී ය.
 
එමෙන්ම දැනට භාණ්ඩාගාරයෙන් යැපෙන තැපෑල නවීන තාක්ෂණික සේවාවන්, නව මුහුණුවරක් ද සමගින් ලාභ ලබන ආයතනයක් මෙන්ම ජනතාවට එන්න හිතෙන තැනක් බවට පත් කරන බව ද පැවසී ය.
අරමුණ පැහැදිලි කරමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා කියා සිටියේ රජය තැපැල් සේවාවේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1300 ක් වෙන් කර ඇති බවයි. ඒ අනුව වසර ගණනාවක් ඉල්ලීම් සිදු කළ නව ගොඩනැගිලි සහ වාහන අවශ්යතා සපුරා ගත හැකි වනු ඇති බවත්, තැපැල් සේවාවේ ඉදිරි ඉලක්ක ජය ගැනීමට කටයුතු කරමින් මෙම තැපැල් කාර්යාලය හරහා ජනතාවට අත්යාවශ්ය නව සේවාවන් රැසක් ක්රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද පැවසී ය.
 
2024 වර්ෂයේ දී ඉදිරිපස තිබූ පැරණි අබලන් ගොඩනැගිල්ල කඩා ඉවත් කර රුපියල් මිලියන 69 ක් වියදමෙන් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මගින් පොලොන්නරුව නව තැපැල් කාර්යාලය සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත.
 
පොලොන්නරුව ප්රදේශයේ තැපැල් සේවාව තැපැල් කාර්යාල 12 කින් හා උප තැපැල් කාර්යාල 91 කින් සමන්විත වේ.