Monday, July 14, 2025
Follow Us
"පොල් දෙසතිය" විශේෂ  වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ

පොල් වගාවට හානි කරන සුදු මැස්සා, කළු කුරුමිණියා, රතු කුරුමිණියා, මයිටා ඇතුළු පළිබෝධ උවදුරු මර්දනය කිරීම හා පොල් වගාවට අදාල තාක්ෂණික දැනුම වගාකරුවන් වෙත ලබාදීම සඳහා "පොල් දෙසතිය" නමින් විශේෂ  වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොල් වගාකිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබේ. 

එහි පළමු අදියර නියමු වැඩසටහන යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ජූලි මස 14 දින සිට 31 දින දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර, එහි සමාරම්භක අවස්ථාව අද (14 ) යාපනය කොඩිකාමන්හිදී  ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන යාපනය දිස්ත්‍රික්කය තුළ චාවාකච්චේරි, කෝපායි, උඳුවිල්, නල්ලූර්, යාපනය යන ප්‍රදේශයෙන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී, සුදු මැස්සා හානිය මර්දනය කිරීම සඳහා සබන් කුඩු හා කොහොඹ තෙල් මිශ්‍ර ජලය පොල් අතුවලට ස්ප්‍රේ කිරීම, රතු කුරුමිණි පෙරමෝණ හා පෙරමෝණු උගුල් ලබාදීම, කළු කුරුමිණි පෙරමෝණ හා පෙරමෝණු උගුල් ලබාදීම, මයිටා පැකට් ලබාදීම, උතුරු පොල් ත්‍රිකෝණය වැඩසටහන සඳහා පොල් පැල ලබාදීම හා ඉඩම් තෝරා ගැනීම, පොහොර ලබාදීම යන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.