එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා ඇතුළු පක්‍ෂයේ විනය කඩකල මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සිදුකරන විනය පරීක්‍ෂණ මෙම සති අන්තයේදී නිමාවනු ඇති බව එහි ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසනවා.
Former LTTE Eastern Province leader and former Deputy Minister Vinayagamurthi Muralitharan alias Karuna Amman is now actively involved in Government work.
ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන අන්තවාදීන්ගෙන් ජනාධිපතිවරයාට විශාල තර්ජනයක් එල්ල වන බව විදුලිබල රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
පාර්ලිමේන්තුවේ බහුතරය නිර්මාණය කර ගැනීම සඳහා අන්තවාදීන්ගේ පිහිට පැතීමට කිසිසේත් කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. යම් හෙයකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිටින දේශපාලන කඳවුරට අන්තවාදීන් එකතු කර ගතහොත් එය තමන්ගේ දේශපාලන ගමනේ අවසානය වනු ඇති බවයි රඹුක්වැල්ල මහතා පවසන්නේ.
Colombo Additional Magistrate Kanchana de Silva today issued an overseas travel ban on former minister Patali Champika Ranawaka and his driver over the 2016 accident case.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සියලු පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව රුපියල් 20,000 දක්වා සති දෙකක් ඇතුළත ඉහළ දමන බවට වේදිකාවලදී කළ ප්‍රකාශය සියලු පොලිස් නිලධාරීන් නොමග යැවීම සඳහා කළ ප්‍රකාශයක් බව හෙළි වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුට ජනවාරි 03දා සිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් වෙන්කර ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විපක්ෂයේ සිටින බැවින් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මෙසේ ආණ්ඩු පක්ෂය පැත්තේ හිඳ ගැනීමට සිදුව ඇත.
පක්ෂ නායකත්වය ලබා නොදෙන්නේ නම් තවදුරටත් ප්‍රසිද්ධ දේශපාලන කටයුතු වලින් ඈත්ව සිටීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බව වාර්තාවේ.
United National Party (UNP) stalwart MP John Amaratunga has been urged to continue in politics, the Colombo Gazette learns.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී බිහිවන නව රජයක් තුළින් රට තුළ ජාතික සමගිය ගොඩනැගීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉටුකළ යුතු බව එම පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ මහ මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිමට සුදානම් බව වාර්තා වේ.
ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
එක්‌සත් ජාතික පක්‌ෂයේ ඉදිරි කටයුතු ගැන තීරණය කිරීමට පත් කරන ලද විශේෂ සය පුද්ගල කමිටුවෙන් රංජිත් මද්දුම බණ්‌ඩාර සහ තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහා මැතිවරණ ලකුණ සම්බන්ධයෙන් වන අර්බුදය ද දැන් උත්සන්න වෙමින් තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සෙසු පක්ෂ පොදු ලකුණක් ගැන කියද්දී පොහොට්ටු පාර්ශවය මහ මැතිවරණයේ ලකුණ පොහොට්ටුව විය යුතු බවට අවධාරණය කරමින් සිටියි.
මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරඟ කරන බවත් ඡන්ද ලකුණ සහ අනෙකුත් කාරණා පිළිබඳ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
එළඹෙන දෙසැම්බර් 20 වනදාට පෙර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 27 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් සජිත් පිල විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ.
Waruna Priyantha Liyanage’s name has been gazette to fill the parliamentary seat left vacant by the demise of UPFA Member of Parliament Ranjith De Zoysa.
කටුනායක ගුවන් තොටුපළේ විශේෂ ප්‍රභූ පර්යන්තය භාවිතා කරන්නේ නම් මැති ඇමතිවරුන් ඇමරිකානු ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට ජනාධිපතිවරයාගේ උපදෙස් මත චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ප්‍රචාරණය වූ පුවත අසත්‍ය යැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Page 451 of 553