හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් මැතිවරණයකට ඉදිරිපත් නොවන්නේ යැයි තමන් වෙත ද පැවසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ එවැනි තීරණයක නම් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත බාරදිය යුතු බවයි ෆොන්සේකා මහතා සඳහන් කළේ.
"මම එක පැත්තකවත් නෑ. මම ඉන්නෙ පක්ෂය ශක්තිමත් විය යුතුයි කියන තැන. අපි එක මැතිවරණයක් කළා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් තියාගෙන. අපට මැතිවරණයෙන් මැතිවරණයට එක එක ගමන් යන්න බෑ.
මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් කතා කළා. එතුමා කිව්වෙ එතුමා නැවත ඡන්දෙ ඉල්ලන්නෙ නෑ කියලා. එතකොට එතුමාගේ මානසිකත්වය එහෙම නම් මම හිතන්නෙ එතුමා නායකත්වය බාරදිය යුතුයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට." යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ (21) පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
(LNW)