යම් යම් ප්‍රශ්න පැන නැඟී තිබුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදෙන සහාය බිඳුවකින් හෝ අඩු නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
අඩුපාඩුකම් ඉදිරියේදීත් සිදුවීමට හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට යම් යම් ගැටළු ප්‍රමාණයක් තියෙනවා, ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ වගේ අඩුපාඩුකම් යම් ප්‍රමාණයක් වෙන්න ඉඩ තියෙනවා.
නමුත් අපි කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දෙන සහයෝගය අඩුකරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ වගේම මේ කොන්දේසි පිටින් දාලා එතුමාගේ වැඩසටහන කඩාකප්පල් කරන්න අපේ කිසිදු බලාපොරොත්තුවක් නෑ. එතුමා ගැන සම්පූර්ණ විශ්වාසයෙන්, අග්‍රාමාත්‍යතුමා ගැන සම්පූර්ණ විශ්වාසයෙන් අපි කටයුතු කරනවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) කාදිනල් හිමියන් බැහැදැකීම සඳහා පැමිනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)