පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කරවීමේ ගාමක බලවේගය ලෙස ක්‍රියාකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ජයග්‍රහණයෙන් පසු කෙණෙහිලිකම් ඇතත් ඊට විකල්පය යනු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
"ශ්‍රීලනිපය තමයි මේ මැතිවරණයේදී ගාමක බලවේගය බවට පත්වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කරවන්න. ජයග්‍රහණයෙන් පස්සේ ප්‍රශ්න ගණනාවකට දැන් අපි මුහුණ දෙමින් ඉන්නවා.
ශ්‍රීලනිපය තුන්වෙනි පන්තියට දාන වැඩපිළිවෙලට අපි විරුද්ධයි. මහලේකම්වරයා විදියට මං ඒක කියන්න ඕනෙ අවංකවම. මොකද හේතුව, මම වගකියන්න ඕනෙ මේ රටේ ශ්‍රීලනිප පාක්ෂිකයින්ට. මොකද ඒ ගිවිසුම් එකින් එක අස්සන් කෙරුවෙ දයාසිරි ජයසේකර. ඒනිසා තමුන්නාන්සෙලාට වඩා වගකීමක් මට මගේ පක්ෂය ගැනත් පාක්ෂිකයො ගැනත් තියෙනවා. එනිසා මොන ප්‍රශ්න ආවත් ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න මම සූදානම්.
ඒකෙ කිසි ගැටළුවක් නෑ. ඒ ඕනෙම අභියෝගෙකට මුහුණ දෙන්න කලින් පක්ෂය රකින්න ඕනෙ. ඒ සඳහා අපි කැපවෙලා වැඩකරනවා.
ඒකට විකල්පය නෙවෙයි ගිහිල්ලා යූඑන්පී එකත් ඉඳගන්න එක. අපි ජයග්‍රහණය කරපු හින්දා ශ්‍රීලනිපය අද බේරිලා තියෙනවා මතක තියාගන්න. ශ්‍රීලනිපය ගිහිල්ලා මේකට උදව් කෙරුවෙ නැත්තං ශ්‍රීලනිපය විනාශ වෙන එක නවත්තන්න වෙන්නෙ නෑ තවදුරටත්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ පෙරේදා හෝමාගම ප්‍රදේශයේ පැවති ශ්‍රීලනිප රැස්වීමක් අමතමිනි.
(LNW)