Saturday, July 05, 2025
Follow Us
පාඨලීට ඇප

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ හිටපු ඇමතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා හමුවට යළි ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

හිටපු ඇමතිවරයාව රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

හිටපු ඇමතිවරයාට සෑම මසකම අවසන් ඉරිදා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මෙහිදී අධිකරණය නියෝග කළා.

(Neth)