පාස්කු ඉරිදා එල්ල වු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමැතිවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කර සිටිනවා.
ඒ පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සිය රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් වූ චෝදනා සම්බන්ධයෙන් වන නඩුවට අදාලවයි.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ අද (23) කැඳවනු ලැබුවා.
එහිදි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ජනවාරි 06 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙහිදි අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පීරිස් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව සිටින හිටපු ජනාධිපතිවරයා සහ ලේකම්වරු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දින ලබාදෙන මෙන් ඉල්ලා තිබුණත් ඔවුන් මෙතෙක් දින ලබාදී නොමැති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය නත්තල් උත්සවයෙන් අනතුරුව සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදි අධිකරණය හමුවේ තවදුරටත් සඳහන් කර සිටියේ.
(Neth)