Saturday, July 05, 2025
Follow Us
19 ඉවත් කිරීමෙන් ජනතාවට ජනතාවට සහනයක් නෑ

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් ජනතාවට සුබ සාධනයක් ඉටු නොවන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ මට්ටක්කුලිය, විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

“19 වන සංශෝධනය ඉවත් කිරීම තුළින් ජනතා සුබසාධනයට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. බදු අඩු කරන්න, ජීවන වියදම අඩු කරන්න පොහොර සහනාධාරය දෙන්න, නිවාස ලබාදෙන්න වගේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගනු ලබන ඕනෑම තීරණයකට අපි 2/3 සහයෝගය ලබාදෙනවා.

අපි එදත් කිව්වා එම්සීසී ගිවිසුමෙන් රටට අහිතක් වෙන්නේ නැහැ කියලා. මේ වනවිට ඔවුනුත් එය පිළිගෙන තිබෙනවා.

එදා කිසිම කොන්දේසියක් නැතිව රටට ලබාගන්න තිබුණ දේ ලබාගන්න ඔවුන් ඉඩ දුන්නේ නැහැ. නමුත් දැන් ඒක ලබාගන්න වෙහෙසෙනවා. ඔවුන්ට එකපාරට උදේ රෑ වෙලා, රෑ උදේ වෙලා. ” යැයි පැවසීය.

(Lanka Leads)