කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (06) කාරක සභා කිහිපයක සාමාජිකයින් පත් කර තිබේ. එම කාරක සභා සහ සාමාජිකයින් පහත පරිදි වේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (06) කාරක සභා කිහිපයක සාමාජිකයින් පත් කර තිබේ. එම කාරක සභා සහ සාමාජිකයින් පහත පරිදි වේ.
පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (02) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පාසල් ක්‍රීඩාංගන දේශපාලන රැස්වීම්වලට යොදා ගැනීම නතර කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයකින් දැනුම් දිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
තමා කැබිනට් මණ්ඩලයේ සිටියේ නැතිනම් 2024 ජනාධිපතිවරණ මැතිවරණයක් කියා දෙයක් නොපැවත්වෙන බවත් ඒ පිළිබඳව සියලු කාරණා ඉදිරියේදී හෙළිදරව් කරන බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් කර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට ලක් වී නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා අද (2) පැවසීය.
දේශපාලනයට පෙර රට පිළිබඳ සිතන ඕනෑම අයෙකු මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී රටට ආදර්ශයක් වෙමින් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා වුවත් අප රටේ කැපකිරීම් කරන්නේ සාමාන්‍ය ජනතාව පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්නැයි ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
මේ රට ඉදිරියට ගෙනයා හැක්කේ අධ්‍යාපනයේ ඇති කරන වෙනස්කම් තුළින් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (02) කොළඹදී පැවසීය.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කර තිබෙන බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තහවුරු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනවාර්ගික ගැටළුවට ස්ථිර විසඳුමක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා නමුත් මේ අවස්ථාවේ කළ යුතුව ඇත්තේ ජාති, ආගම් බේදයෙන් තොරව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රටේ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
Page 25 of 552