ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාට පැන වූ වාරණය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද නියෝග කළේය.
ඊශ්‍රායලයේ රැකියා සඳහා යන පිරිස් සිය අරමුණ පසෙකලා ඒ රටට ශ්‍රී ලාංකිකයන් එපා වෙන විදියේ කටයුතු සමහරු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ මොහොතින් සිය දේශපාලන කාර්යාලය කොළඹ දී විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඉදිරි සතියේ දී නව විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ අවසන් පරිවර්තන සැලසුම, තාක්ෂණික අවශ්‍යතා මෙන්ම නීතිමය අවශ්‍යතා සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පසුගියදා(29) විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්විණ.
මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමෙන් අනවශ්‍ය මුදල් නාස්තියක් මෙන්ම පරිසර දූෂණයක් සිදුවනවා සේම රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ගවලටත් විශාල සහායක් ලබා ගැනීමට තිබෙන හැකියාව අහිමි වන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ලබන ජූලි මස 1 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (26) පැවසීය.
කොවිඩ් ව්‍යසනයෙන් පසු ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ග මෙන් ම රටේ පැවති අරගල ද හේතු කොටගෙන 2022 වර්ෂය වන විට සමස්ත රට ම හා අධ්‍යාපන ක්ෂේත්‍රය ද දැඩි පසුබෑමකට ලක් ව තිබූ අතර එම වසරේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වීම හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම මෙන් ම උත්තර පත්‍ර පරීක්ෂාව සහ ප්‍රතිඵල නිකුත් කිරීම මාස හයකට වඩා ප්‍රමාද වී තිබූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකයින්“ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තරුණ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (04) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම තීන්දුව පහත පරිදි වෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
Page 25 of 547