Wednesday, September 18, 2024
Follow Us
මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත

2024 ජනාධිපතිවරණය අදාළ සියලුම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ සියලුම ඡන්ද පත්‍රිකා මේ වනවිට මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති බවයි.

ඒ අනුව රජයේ මුද්‍රණාලයෙන් ලබාදුන් සියලුම ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදීමට කටයුතු කළ බවයි මැතිවරණ කොමිසමෙන් සිදුකල විමසුමකදී එහි නිලධාරියෙකු පැවසුවේ.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 96ක් පමණ ජනතාව වෙත බෙදා අවසන් කර ඇති බවයි.

Neth