Thursday, September 19, 2024
Follow Us
ජනපති අපේක්ෂකයින්ට දිලිත්ගෙන් අභියෝගක්

සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍ය අංකය ලබාදෙන බව හැකිනම් දින වකවානු සහිතව පවසන ලෙස සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට අභියෝගක් කරමින් පවසයි.

දිලිත් ගමට ජනරැලි මාලාවේ තවත් අදියරක් යටියන්තොට නගරයේදී අද (17) පෙරවරුවේ පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මේ බව ප්‍රකාශ කළේය.

"අපි ඉදිරිපත් කළා උපාය මාර්ගික වැඩපිළිවෙලක්. ඒ තුළින් එකින් එක කිව්වා...ඔබේ ජීවිතය වෙනස් වෙන විදිය. ඒ වෙනස් වන විදිය සඳහා මුදල් ලැබෙන ආකාරය. මේකට විරුද්ධව අද කවුරුත් වචනයක්වත් කියන්නේ නෑ."

"අපි මේ පොතේ යෝජනා කරලා තියෙනවා... නූතන ඩිජිටල්කරණය භාවිතා කරලා සමාන වෙන ක්‍රමය. උපන්දාම ඔබට ලැබෙන මේ ඩිජිටල් අංකෙන් ඔබත් මමත් එක දිනයකදී සමාන පුරවැසියන් වෙනවා මේ රටේ."

"මම ඔවුන්ගෙන් අහන්නේ එක ප්‍රශ්නයයි. මේ ඩිජිටල් අංකය නිකුත් කරන්න පුළුවන් නම් පොරොන්දු වෙන්න. එදාට කියන්න වෙනවා ආදායම නම් ආදායම... වියදමනම් වියදම් කරන විදිය."