සතියක් තුළදී මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැදගත් තීරණ 03ක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සතියක් තුළදී මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැදගත් තීරණ 03ක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාසල් ක්‍රීඩාංගන දේශපාලන රැස්වීම්වලට යොදා ගැනීම නතර කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයකින් දැනුම් දිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
තමා කැබිනට් මණ්ඩලයේ සිටියේ නැතිනම් 2024 ජනාධිපතිවරණ මැතිවරණයක් කියා දෙයක් නොපැවත්වෙන බවත් ඒ පිළිබඳව සියලු කාරණා ඉදිරියේදී හෙළිදරව් කරන බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
IMF එකඟතා දශමයකින් හෝ වෙනස් කළොත් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතා පැවසීය.
වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වූ වාර්තාව පිළිබඳව අද(07) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමකට එළඹ අද වන විට අපේ රටේ සමස්ත ආර්ථිකයම කළමනාකරණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට , අපේ රටට ඛනිජ තෙල්, පොහොර, බෙහෙත් හේත්, අහාර පාන තිබෙනවා. අයවැය සෑදීමට, විශ්‍රාම වැටුප් ඇතුළු අනෙක් සහනාධාර ගෙවීමට හැකි වී තිබෙන්නේ මෙම ගිවිසුම ප්‍රකාරව කටයුතු කිරීම නිසයි. ඉදිරියේදී කටයුතු කිරීමට සිදු වන්නේත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම අනුව කටයුතු කළොත් පමණයි.
නමුත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා, අද රටටත් ජාත්‍යන්තරයටත් සිදුකළ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, විපක්ෂය බලයට පත් වුණොත් ජ්‍යාත්‍යන්තරය සමග ඇති කර ගත් ණය ගිවිසුම වෙනස් කරනවා කියලා. එසේ කළහොත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ සති දෙකක් හෝ මාසයක් පමණයි. මම කියනවා එහෙම වුණොත් ලබන වසරේ අය වැය ලේඛනය හදන්න බැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ විස්තීර්ණ වැඩපිළිවෙළ යටතේ අපි ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. එම ගිවිසුම අනුව 2025 වසරේදී ජාත්‍යන්තර මුදල් හිඟයක් ඇති වෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 5018. ඉන් විස්තීර්ණ ණය ක්‍රමය යටතේ ඩොලර් මිලියන 663ක මුදලක් ලැබෙනවා. 2025 අය වැය හදන විට ඩොලර් මිලියන 700ක් දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් දෙන්නත්, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක් දෙන්නත් පොරොන්දු වෙලා තිබෙනවා. ඩොලර් මිලියන 3655ක ණය සහනයක් ලැබෙයි කියලා අපි හිතනවා. අපි ලෝකයට ප්‍රතිඥා දීලා රට මේ තත්වයට ගෙනත් තිබෙනවා.ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව යන රටවල් නිල ණය හිමියන් ලෙස රැස් වෙලා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුමකට එලඹිලා තිබෙනවා. ආණ්ඩු වෙනස් වුණත් මෙම ගිවිසුම් වෙනස් කරන්න බැහැ.
අපි එසේ කරන බවට පනත් 05ක් මෙම සභාවේ සම්මත කර තිබෙනවා.මොන හේතුව වුණත් අපිට මුදල් අච්චු ගහන්න බැහැ. සවරින් බොන්ඩ් තියලා ණය ගන්න බැහැ. මූල්‍ය කළමනාකරණ පනතක් පාර්ලිමේන්තුවේ තිබෙනවා. ඉස්සර වගේ අයවැය ඕන විදියට හදන්න බැහැ.
ආණ්ඩු වෙනස් වුණා කියලා මේවා වෙනස් කරන්න බැහැ.
2032 වසර වන විට රටේ නොපිය වූ මුළු ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 95කට ගේන්නම ඕන. අනුන්ගේ ණය අපි අඩු කර ගන්න ඕන. අවුරුද්දක දළ මූල්‍ය අවශ්‍යතාව වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ඉක්මවිය නොහැකියි. විදේශීය ණය සේවා කරන ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5 ඉක්මවිය නොහැකියි.
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් කර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට ලක් වී නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා අද (2) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් වන බව එම පක්ෂය විසින් මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය .
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී රටට ආදර්ශයක් වෙමින් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා වුවත් අප රටේ කැපකිරීම් කරන්නේ සාමාන්‍ය ජනතාව පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 18 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
මේ රට ඉදිරියට ගෙනයා හැක්කේ අධ්‍යාපනයේ ඇති කරන වෙනස්කම් තුළින් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (02) කොළඹදී පැවසීය.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කර තිබෙන බව වාර්තා වෙයි.
වනජීවී දෙපාර්තමේන්තුවට බහු කාර්ය නිලධාරින් 4000ක් පමණ යොදවා ගනිමින් ඔවුන් වන අලි තර්ජනයට මුහුණ දී තිබෙන ගම්මානවල ආරක්ෂාව සඳහා යොදවන බව වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
ජනවාර්ගික ගැටළුවට ස්ථිර විසඳුමක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා නමුත් මේ අවස්ථාවේ කළ යුතුව ඇත්තේ ජාති, ආගම් බේදයෙන් තොරව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (06) කාරක සභා කිහිපයක සාමාජිකයින් පත් කර තිබේ. එම කාරක සභා සහ සාමාජිකයින් පහත පරිදි වේ.
පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (02) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Page 26 of 554